කාටුන් චිත්‍ර කතා ශිල්පී දයා රාජපක්ෂ දැයෙන් සමුගනී

පුවත්පත් කාටුන් හා චිත්‍රකතා කලාවේ පුරෝගාමියකු වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී දයා රාජපක්ෂ මහතා අද(26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වුණා.

ඔහු සිය වෘත්තීය ජීවිතය ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත් පතේ 'වානරයෝ 'චිත්‍ර කතාව නිර්මාණය කිරීම තුලින් පටන් ගෙන ඇත .  1970 දී 'වානරයෝ 'චිත්‍ර කතාව සරත්චන්ද්‍ර හේරත් විසින් සිනමාවට නගාඇත . දයා රාජපක්ෂයන්ගේ ප්‍රථම චිත්‍ර කතාව වන' ඉන්දු ' 1966 දී පළවී ඇත .


සක්විති සුවය ,හුලවාලි ,තවලම , දුලාරි ,හතේ වසම, බොරළුපාර,අනුපමා ආදී චිත්‍ර කතා රැසක් පසුකලෙක ටෙලිනාට්‍ය හා චිත්‍රපට බවට පත්වී ඇත .
 "හුලවාලි" චිත්‍ර කතාව චිත්‍ර පටයකට නැගීමේදී දයා රාජපක්ෂ ශුරින් චිත්‍රපට රචකයකු බවටද පත්ව ඇත. ඉන්පසු ගාමිණී ෆොන්සේකා නම් ප්‍රබල සිනමා වේදියා සමඟද චිත්‍රපට කිහිපයක කටයුතු කර ඇත .

කාටුන් කලවට නවක ශිල්පින් රැසක් දයාද කල එතුමා මිය යන විට 78 වන වියේ පසුවිය.
කාටුන් චිත්‍ර කතා ශිල්පී දයා රාජපක්ෂ දැයෙන් සමුගනී කාටුන් චිත්‍ර කතා ශිල්පී දයා රාජපක්ෂ දැයෙන්  සමුගනී Reviewed by Unknown on 5:06 PM Rating: 5
Powered by Blogger.