ලංකාවේ උසම ගොඩනැඟිල්ල රාජගිරියේදී ඉදිකෙරේ

ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන උසම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා ප්‍රමුඛ පෙළේ ඉන්දීය නිශ්චල දේපළ සංවර්ධන සමාගමක් වන ශ්‍රීපති එඩ්ෆික් පෞද්ගලික සමාගම ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අස්සන් කර ඇත.
 ‘1996 අයිකනික් කුලුන’ (Iconic Tower 1996) නම් වූ මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 300කි.1996දි ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලානය දිනාගැනීම සිහිවීම පිණිස මෙම ගොඩනැගිල්ල ඉදි කෙරනු ලැබේ.

මෙම ගොඩනැගිල්ලේ බාහිර පෙනුම අනුරුවේ ආකාරයට ක්‍රිකට් පිති 4ක් මත බෝලය සමබරව තබා තිබෙන  ආකාරයයි .

මහල් 96කින්  සමන්විත වන මෙම කුලුෙණ් උස මීටර 342 පමණ වේ. රාජගිරියේ අක්. 2 ක භූමියක මෙය ඉදිකැරේ. නේවාසික බද්ධ නිවාස 376 කින්, උපගෘහ 92කින්, ව්‍යාපාරික මධ්‍යස්ථාන,පුස්තකකාල ,ආපනශාලා , විනෝද ප්‍රදේශ ,පිහිනුම් තටාක හා ව්‍යායාම මධ්‍යස්ථානයක් , එකවර 1420 දෙනකුට පමණ නැරබිය හැකි සිනමා ශාලාවක් , එළිමහන් යෝග පුහුණු මධ්‍යස්ථානයක් ඇතුළු අංගෝපාංග රැසකින් මෙය සමන්විත වේ.96 වන මහල ගෘහස්ථක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක් වේ.

2019දි  ගොඩනැඟිල්ල සාදා නිමකිරීමට ආයෝජකයන් සැලසුම් කර ඇත. මේ සඳහා අදාළ ගිවිසුම් ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය සහ ශ්‍රීපති එඩ්ෆික් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන රාකේෂ් චන්ද්‍ර පාණ්ඩේ සහ රාජන් සිරිවාස්තම් යන මහත්වරුන්  අස්සන් තැබූහ.
ලංකාවේ උසම ගොඩනැඟිල්ල රාජගිරියේදී ඉදිකෙරේ ලංකාවේ උසම ගොඩනැඟිල්ල රාජගිරියේදී ඉදිකෙරේ Reviewed by Unknown on 9:15 PM Rating: 5
Powered by Blogger.