කටකතා ගැන විශ්වගෙන් හෙළිදරව්වක්
ලද පිය පදවියට මුලින්ම අපි සුබ පතනවා විශ්ව.
බොහෝම ස්තූතියි. ඇත්තටම මුණගැහෙන කතා කරන කොයි කවුරුවත් සුබ පතනවා. මම තාත්තා කෙනෙක් වෙච්ච එකට.
දූ පැටියා තාත්තා වගේද අම්මා වගේද?
ඒකනම් දැන්ම කියන්න අමාරුයි. මට හිතෙනවා, අපි දෙන්නා වගේමයි කියලා.
නමක් එහෙම දැම්මාද?
අනේ ඔව්.... කාවින්ද්‍යා ගංගාධරී කොඩිකාර. අජන්තා රණසිංහ මහතා නම දැම්මේ.
දූ පැටියා නුවර දාලා රූගත කිරීම්වලට කොළඹ එන්න නම් හිතෙන්නේ නැතුව ඇති නේද?
මම හිතන්නේ ඒක ඕනෑම තාත්තා කෙනෙකුට හිතෙන දෙයක්. මුළු දවසම මට දූ ළඟට වෙලා ඉන්න පුළුවන්. ඒ වුණත් තාත්තලාට ඒ දේ කරන්න අමාරුයි. රස්සාව කරන්න එපෑ හැමදේටම කලින්. ඉතින් අමාරුවෙන් හරි මම ෂූටිංවලට යනවා. හැබැයි ඉතින් ආයේ දවස් තුන හතරින් ගෙදර දුවනවා.
දැන් ඉතින් ලොකු වගකීමක් දැනෙනවා ඇති නේද?
ඔව්. ගැහැනු දරුවෙක් නිසා වගකීම දැනෙනවා වැඩියි. අද සමාජයේ ගැහැනු දරුවන් පුදුමාකාර විදිහට පරිස්සම් කරන්න ඕනේ. මම මගේ කෙල්ල ඇස් දෙක වගේ රැක බලා ගන්නවා.
විශ්ව සතුටුදායි ආරංචි අතර අසුබ ආරංචියකුත් පැතිර යනවා “ඔබ බිරියගෙන් ඈත්වෙලා කියලා”
ඒක බොරු කට කතාවක්. ඇත්තටම මේ ගැන අහපු එක හොඳයි මගේ බිරියයි දරුවයි නුවර අපේ මහ ගෙදර ඉන්නේ. මම රූගත කිරීම්වලට නිතරම කොළඹ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ඈත්වෙලා කියලා.
ගින්නක් නැතුව දුමක් නගීද?
අද දුමක් නගින්න ගින්නක් ඕනේම නෑ. මේක අමූලික බොරුවක්. දුව ඉපදුනා විතරයි අපේ සතුට දිහා බලන්න ඉන්න බැරි අය මෙහෙම කතා කියනවා ඇති. මගේ ලෝකය බිරියයි දරුවයි. ඒ පවුල් ජීවිතේ මට හරියට වටිනවා.
ඇයි මෙහෙම කතා හැදෙන්නේ?
කලාකරුවන්ට කොහොමත් මෙහෙම කතා හැදෙනවා කමක් නෑ. ගඟක් වුණත් ලස්සන ගල් පර අතර හැපී හැපී ගලද්දී ගොඩාක් මහන්සි වෙලා ආපු ගමනක් මේ. ඉතින් මගේ හිත හැම දේකටම ඔරොත්තුයි.
ඔබේ බිරිය මේ ගැන දන්නවාද?
ඇය හරියට කලබල වුණා මේ ගැන දැනගත් මොහොතේ. කට කතාවලට මුහුණ දීලා පුරුද්දක් ඇයට නෑ. මම දැනුවත් කළා ඇයව කලාවේ ඉද්දී මෙහෙම ආරංචි එන බවට.
ඔබ කොළඹට වෙලා මල් වගේ නිළියන් සමග රඟපාද්දී නුවර ඉන්න බිරියට අවිශ්වාසයක් හිතෙන්නේ නැද්ද?
මම කරන රස්සාව ගැන බඳින්න කලින්මයි මම ඇයට අවබෝධ කරලා දුන්නේ. ඇය තදබල විශ්වාසයකින් මා ගැන ඉන්නේ. ඉතින් මම විශ්වාසය කවදාවත් බිඳින්නේ නෑ.
විවාහය-පිය පදවිය සමග ජනප්‍රියත්වය අඩුවෙලාද?
මම හිතන්නේ නෑ. මගේ රසික රසිකාවියන් අදටත් මම එක්ක ඉන්නවා.
එහෙනම් ඇයි මෙවර ජනප්‍රිය නළුවා නොවුණේ?
හැමදාම ජනප්‍රිය නළුවා මමම විය යුතු නෑ. මෙවර මම දෙවන ස්ථානයේ උන්නේ. පළමු තැන හිටපු කාවිංගට සම්මානය ලැබුණා. ඒ ගැන සතුටු වෙනවා.
මෙවරත් උපන් දිනය දාට පුණ්‍ය කටයුත්තක් කරනවාද?
තාම ඒ ගැන ප්ලෑන් කරලා නෑ.හැබැයි අපි එහෙම දේවල් කළ යුතුයි. මේ ජීවිතය ඉදිරියට ගෙනියන්න අපි කරන කියන දේ හරියට බලපානවා.
ඉදිරි රංගන කටයුතු ගැනත් කියන්න
අනුර මාධව මහතාගේ ‘ඔය දොර අරින්න’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. මහේන්ද්‍ර කුලසිංහ මහතාගේ ‘හිම හංසි‘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම කරනවා. සාකච්ඡා මට්ටමින් ටෙලි නාට්‍ය දෙකකුත් තියෙනවා බොහෝ දුරට ඒවයෙත් වැඩ භාරගනීවි.
කටකතා ගැන විශ්වගෙන් හෙළිදරව්වක්
Reviewed by Unknown
on
10:29 AM
Rating:
Reviewed by Unknown
on
10:29 AM
Rating:
