මහින්ද සමඟ මෛත‍්‍රීත් අනුරපුර වේදිකාවට

එළැඹෙන 9 වෙනිදා අනුරාධපුරයේදී පැවැත්වෙන සන්ධානයේ පළමු ජනරැුළිය සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සහභාගී කරවා ගැනීමට ඊයේ රාත‍්‍රියේ රැස්වූ සන්ධාන හිටපු මන්ත‍්‍රීන් සියයකට වැඩි පිරිසනක් තීරණය කර තිබේ.

ප‍්‍රසන්න රණතුංග බස්නාහිර මහ ඇමතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී පැවති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ච සහභාගී වී තිබේ.


එහිදී තව දුරටත් තීරණය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාම යෝජනා දීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ස්තූතිය පළ කිරීමටත් ඉදිරියේදී ජනාධිපතිවරයාව ආරක්ෂා කරගැනීට අවශ්‍ය පියවර ගැනීමටත්ය.
මහින්ද සමඟ මෛත‍්‍රීත් අනුරපුර වේදිකාවට මහින්ද සමඟ මෛත‍්‍රීත් අනුරපුර වේදිකාවට Reviewed by Unknown on 10:27 PM Rating: 5
Powered by Blogger.