‘ටී.එන්.ඒ ජාතික ලැයිස්තුව අසාධාරණයි‘

දෙමළ ජාතික සන්ධානය ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන්  දෙදෙනකු පත්කිරීමේදී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ උවමනාවට  හා ඔවුන්ගේ කැමැත්තට පමණක් සීමාවී එය සිදුකිරීම අනුමත නොකරන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

මහ මැතිවරණයට පෙර පක්ෂය විසින් පවත්වන ලද සාකච්ඡාවලදී තීරණය කළේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කළ යුතු බවට වුවත් කිසිදු සාකච්ඡාවකින් තොරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට උවමනා අන්දමට මන්ත්‍රීවරුන් පත්කර ඇති බව කී මන්ත්‍රීවරයා එය දෙමළ ජාතික සන්ධානයේ පොදු එකඟතාවය නොවන බවද කීවේය.
තමන් මෙවර මහමැතිවරණයෙන් පරාජය වුවත් තවමත් ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායකයා තමන් බැවින් දෙමළ ජාතික සන්ධානය යනු පක්ෂ 4ක සංයුතියක් හෙයින් මේ ගැන තමන්ගෙන්ද විමසීමට සදාචාරාත්මක අයිතියක් තිබුණු බවද ඔහු සඳහන් කළේය.
‘ටී.එන්.ඒ ජාතික ලැයිස්තුව අසාධාරණයි‘ ‘ටී.එන්.ඒ ජාතික ලැයිස්තුව අසාධාරණයි‘ Reviewed by Unknown on 1:05 PM Rating: 5
Powered by Blogger.