කුමාර් සංගක්කාරගේ දෛවය සමග බැඳුණු 134

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලක් නාමය රන් ලකුණින් සටහන් කරමින් ඊයේ ගෞරවණීය ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් කුමාර් සංගක්කාරගේ දෛවය සමග බැඳුණු ඉලක්කමක් පිළිබඳව වැඩි දෙනෙකුගේ අවධානය යොමු නොවිණි.

එම දෛවෝපගත ඉලක්කම පිළිබඳව තැබෙන සටහනකි මේ.

කුමාර් සංගක්කාරගේ ක්‍රිකට් ජීවිතය සමග බැඳුණු එම සුවිශේෂී ඉලක්කම 134යි.


කුමාර් සංගක්කාර ක්‍රීඩා කළ අවසන් 20යි 20 තරගය වූ පන්දු වාර 20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කළේ, ලකුණු 134ක් ලබා ගනිමිනි.

(2014 වසරේ අප්‍රේල් 6 වන දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඩකා ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැත්විණි.)

(එහිදී සංගක්කාර පන්දු 35කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 52ක් රැස් කිරීමට සමත් විය.)

මේ අතර සංගක්කාර තරග කළ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133ක් ලබා ගත් අතර එම තරගයේ ජයග්‍රාහී ඉලක්කය වූයේ, ලකුණු 134කි.

(2015 මාර්තු 18 වන දා සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවති ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක් වූ මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.)

(එම තරගයේදී හතරේ පහර 3ක් සමගින් පන්දු 96කදී කුමාර් සංගක්කාර ලකුණු 45ක් රැස් කළේ ය.)

මේ අතර ඊයේ අවසන් වූ සංගක්කාර ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 134කට සීමා විය.

(කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙන් ඉන්දියාවට ලකුණු 278ක ජයක් හිමි විය.)

මුළු ලෝකයේ ම අවධානයට ලක් වෙමින් සිය ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ නොමැකෙන මතකයන් රැඳවූ සංගක්කාර සිය 134 වන ටෙස්ට් තරගයේදී ජාත්‍යාන්තර පිටියෙන් සමු ගැනීම ද විශේෂත්වයකි.
කුමාර් සංගක්කාරගේ දෛවය සමග බැඳුණු 134 කුමාර් සංගක්කාරගේ දෛවය සමග බැඳුණු 134 Reviewed by Unknown on 1:23 PM Rating: 5
Powered by Blogger.