කොටදෙණියාවේ දැරිය දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි අනාවරණය වෙයි
ගම්පහ - දිවුලපිටිය - කොටදෙණියාව ප්‍රදේශයේදී සේයා සදෙව්මි දැරිය පටියකින් ගෙළ සිර කර මරා දමා ඇති බවත්, ඇයට බරපතල ලිංගික අපයෝජනයක් සිදුව ඇති බවටත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි පවසනවා. මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කෙරුණේ මීගමුව දිස්ත‍්‍රික් රෝහලේදියි.
ගම්පහ - දිවුලපිටිය - කොටදෙණියාව ප්‍රදේශයේදී සේයා සදෙව්මි දැරිය අභිරහස් ලෙස මියයාමෙන් පසු ඇයගේ නිවස අසල පදිංචිව සිටි අසල්වැසි පවුලක් ඊයේ ප්‍රදේශය හැර ගොස් තිබෙනවා. ඔවුන් ප්‍රදේශය හැරයාම මෙම දැරියගේ මියයෑමත් අතර සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා දිවුලපිටිය, කටාන සහ මීගමුව යන පොලිස් ස්ථානවල නිලධාරින්ගේ ද සහය ලබාගෙන තිබෙනවා. මියගිය දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට මීගමුව දිස්ත්‍රික් රෝහලේදී සිදුකරමින් පවතින බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ.
කොටදෙණියාවේ පදිංචිව සිටි සේයා සදෙව්මි බක්මීදෙණිය නමැති අවුරුදු හතරහමාරක් වයසැති මෙම දැරිය පසුගිය සෙනසුරාදා අලූයම නිවසින් අතුරුදන් වුණේ සිය මිත්තණිය සමග නින්දට ගොස් සිටියදීයි. පසුව දැරියගේ පියා මේ සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මතයි ඇය සෙවීමේ කටයුතු ආරම්භ වුණේ. ඒ සඳහා පොලිස් නිල සුනඛයින් ද යොදා ගැණුනා. ඒ අනුවයි සෝදිසි මෙහෙයුමේ නිරතව සිටි එක් පොලිස් කණ්ඩායමකට ඊයේ උදෑසන නිවසට ආසන්නයේ ඇල ඉවුරක තිබියදී සදෙව්මි දැරියගේ නිරුවත් මළ සිරුර හමුවුණේ.
සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ දෙමව්පියන් සහ ඥාතීන් ඇතුළු ප‍්‍රදේශවාසීන්ගේ ප‍්‍රකාශ පොලිසිය ඊයේ සටහන් කරගනු ලැබුවා. එම ප‍්‍රකාශ සහ විශේෂඥ සාක්ෂි මත බුද්ධි නිලධාරින් ද යොදා ගනිමින් ඉදිරි පරීක්ෂණ කටයුතු පුළුල් ලෙස කි‍්‍රයාත්මක කර ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩි කියා සිටියේ.

Reviewed by Unknown
on
3:03 PM
Rating:
![කොටදෙණියාවේ දැරිය දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි අනාවරණය වෙයි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJqnpm7WK7XCq85DxbRzK3D5gCHgDiKUtlPPqjHGTJc7tefwOCFgh5k-u0-wvYVGSYoUG5EkvK4fz2qOVVeKXD5hivgPbcG_FPBtc0muVHkofvN4VKfrgGLd3t6ukL0XKWkKrJsDh2gj4T/s72-c/1442218269bariyabraking.jpg)