අතවර සිදුකිරීමෙන් පසු තමන් විසින් දැරිය ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණය කරයි


සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ අතවර සිදුකිරීමෙන් පසු තමන් විසින් දැරිය ඝාතනය කළ බවයි. මෙම සැකකරු 36 වන වියේ පසුවන්නෙකු වනවා.

ඔහු අත්අඩංගුවට ගැනුණේ ලඳු කෑලෑ ප‍්‍රදේශයක සැඟවී සිටියදීයි. මීට පෙර ද ළමයින් සහ කාන්තාවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්ව ඇතැයි පොලිස් ආරංචි කියා සිටියා.

මෙම සැකකරු අවිවාහකයෙක් වන අතර ගම්පහ බෙම්මුල්ල ප‍්‍රදේශයේදී සුසාන භූමියක් අසළ කැළෑ ප්‍රදේශයක සැඟව හිඳ තිබෙනවා. මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කණ්ඩායමක් ගම්වාසීන් 200 ක් පමණ පිරිසකගේ සහයෝගය ඇතිව වැටලීම සිදු කර තිබෙනවා.

කොණ්ඩයා නම් අන්වර්ථ නාමයෙන්ද මෙම සැකකරුව හඳුන්වන අතර ඔහු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින මොහු විකෘති මානසික තත්ත්වයෙන් සිටින්නෙකු ලෙස සැළකෙනවා.


අතවර සිදුකිරීමෙන් පසු තමන් විසින් දැරිය ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණය කරයි අතවර සිදුකිරීමෙන් පසු තමන් විසින් දැරිය ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණය කරයි Reviewed by Unknown on 8:50 AM Rating: 5
Powered by Blogger.