සදෙව්මිගේ පියාගේ කට උත්තරයෙන් ඇත්ත හෙළිවේ

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ පියා පොලිසියට ලබාදී ඇති ප්‍රකාශ පිළිබඳව දුරකථන දත්ත හා අනෙකුත් සාක්‌ෂි මත සිදුකළ විමර්ශනයකදී එම පියා කළ ප්‍රකාශ සත්‍යයක්‌ බව පොලිසියට තහවුරු වී තිබෙනවා.

දැරියගේ පියා පොලිසියට කළ ප්‍රකාශ අනුව සිද්ධිය වූ දිනයේ ඔහු කුලී ප්‍රවාහනය සේවය සඳහා පිටත්ව ගොස්‌ තිබූ අතර ඔහු කියන ලද ස්‌ථානය දුරකථන කුලුනු වාර්තා අනුව සත්‍ය බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මේ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගම්වැසියකු පිළිබඳ ඊයේ (15) සවස්‌වන විට පොලිසියට බරපතළ සැකයක්‌ මතුවී තිබෙනවා.

දැරියගේ ඝාතනය හා අපයෝජනය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය පානයෙන් විකෘති වූවෙකු බව පොලිසියේ අදහසයි.
සදෙව්මිගේ පියාගේ කට උත්තරයෙන් ඇත්ත හෙළිවේ සදෙව්මිගේ පියාගේ කට උත්තරයෙන් ඇත්ත හෙළිවේ Reviewed by Unknown on 2:57 PM Rating: 5
Powered by Blogger.