ටයිම්ස් චතුරස්‍රයේ උඩුකය නිරුවතින් හැසිරුණු කතුන් අත්අඩංගුවට

නිව්යෝක්හි ටයිම්ස් චතුරස්‍රයේ උඩුකය නිරුවතින් හැසිරුණු කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කාන්තාවන් සංචාරකයින් සමග ඡායාරූප සඳහා පෙනී හිඳිමින් ඒ සඳහා මුදල් අය කරන බවත් මත් ද්‍රව්‍ය අලෙවියේ හා ගණිකා වෘත්තීයේ ද යෙදෙන බවත් අනාවරණ වී ඇත.

සිවිල් පොලිස් නිලධාරීන් යොදා නිව්යෝක් පොලීසිය සිදු කළ මෙහෙයුමක දී මෙවැනි නිරුවත් තරුණියක පොලිස් නිලධාරියෙකුට මත්ද්‍රව්‍ය හා ලිංගික සේවය ලබා දීමට මුදල් ඉල්ලා සිටීමත් සමග ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාකිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

පසුගිය දිනවල දී අමෙරිකාවේ ටයිම්ස් චතුරස්‍රයේ උඩුකය නිරුවතින් යුවතියන් හැසිරීම හේතුවෙන් නිව්යෝක් නගරයේ දැඩි ආන්දෝලනයක් ඇති විය.

ලතින් අමෙරිකානු සම්භවයක් සහිත තරුණියන් සිය නිරුවත් උඩුකයෙහි විවිධ වර්ණ ආලේප කරගෙන ටයිම්ස් චතුරස්‍රයට පැමිණෙනන සංචාරකයින් සමග ඡායාරූපවලට පෙනී සිටිමින් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ලෙස එය ප්‍රකට වී තිබේ.

මොවුන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට බොහෝ පිරිස් කැමැත්තක් දැක්වූවත්, විශේෂයෙන්ම කුඩා දරුවන් සමග පැමිණෙන වැඩිහිටියන් මෙම ක්‍රියාව පිළිබඳ චෝදනා කර තිබිණ.

















ටයිම්ස් චතුරස්‍රයේ උඩුකය නිරුවතින් හැසිරුණු කතුන් අත්අඩංගුවට ටයිම්ස් චතුරස්‍රයේ උඩුකය නිරුවතින් හැසිරුණු කතුන් අත්අඩංගුවට Reviewed by Unknown on 3:00 PM Rating: 5
Powered by Blogger.