'ඉදිරිපස දොරින් නිවසට ඇතුල් වුණා' සේයා ඝාතනය කළ හැටි කොණ්ඩයා හෙළිකරයි
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපරාධයකට ලක් කර ඝාතනයට ලක් කළ ආකාරය පිළිබඳව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු පාපොච්චාරණයක් කර තිබෙනවා. මෙම සැකකරු ගම්පහ - බෙම්මුල්ල - බදුලූවතුගොඩ ප්‍රදේශයේදී පෙරේදා (23) අත්අඩංගුවට ගනු ලැබුවා. දැරිය ඝාතනය කළ බව සිය පාපොච්චාරණයේදී සැකකරු සඳහන් කර තිබෙනවා.
දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 32 හැවිරිදි සැකකරු දැරියගේ නිවසට ඇතුලූවී ඇත්තේ ඉදිරිපස දොර විවෘත කරගෙනයි. සේයා සදෙව්මි දැරිය නිදා සිටි කාමරයේ ජනේලය විවෘත කර තිබුණත් එයින් පැනීමට නොහැකි නිසා නිවසේ ඉදිරිපස දොරින් ඇතුලූවූ බවයි ඔහු පාපොච්චාරණයේදී සඳහන් කර ඇත්තේ. ඉදිරිපස දොරේ අගුල කැරකැවීමේදී එය ඉබේම විවෘත වූ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
දැරිය නිවස ආසන්නයෙන් රැගෙන යද්දී එක් කාමරයක විදුලි පහන් දැල්වී ඇති ආකාරය දුටු බවත් ඉන් එබිකම් කර එහි සිටින අය නින්දේ පසුවූ බව තහවුරු කරගත් බවත් සැකකරු පවසා තිබෙනවා. දැරියට අතවර කර ඝාතනය කිරීමෙන් පසු සැකකරු දැරියගේ සිරුර ඇළ අයිනේ සඟවා තබා ඉන්ගම්මාරුවේ පදිංචි ඔහුගේ සොහොයුරියකගේ නිවසට ගොස් තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ චර්යාවන් පිළිබඳවද තොරතුරු රැසක් රහස් පොලීසිය වෙත හෙළිකර ඇති බව සඳහන්. කෙසේ නමුත් සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.

Reviewed by Unknown
on
1:18 PM
Rating:
!['ඉදිරිපස දොරින් නිවසට ඇතුල් වුණා' සේයා ඝාතනය කළ හැටි කොණ්ඩයා හෙළිකරයි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOkIXYG6kMBboDUvrPyNNvsYFCFp2t1cIS5HUr1zn9IAZHWb6e1uwtRqFILcnsJZhkEj3oluqM6TnLpAI9neEPHt7OrbBqHItLTi5IT_ccPnAGXPU_63TlPxVbRpp8V9lfX4Lh6IcR-fAH/s72-c/1111111111111113.jpg)