බොරු සාක්කි දි කොමිසමට අපහාස කළාට ජනරාල්ගෙන් නිදහසට කරුණු අසයි
බරපතළ දුෂණ හා අක‍්‍රමිකතා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දිවුරුම් පිට බොරු සාක්කි දීමෙන් කොමිසමට කළ අපහාසය සම්බනධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස රක්නා ලංකා ආරක්ෂක සේවයේ ගොඩබිම් අංශයේ සාමාන්‍යාධිකාරි විශ‍්‍රාමික මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර මහතාට ඊයේ (4) නියම කළේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති අසීමිත ගෞරවය හා ආදරය නිසා පෙර දින මෙම කොමිසම හමුවේ බොරු සාක්කි දුන් බවත් කොමිසම හමුවේ එලෙස බොරු සාක්කි දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කර ගැනීමට යැයි පවසමින් කොමිසම හමුවේ දිවුරුම් පිට බොරු සාක්කි දුන් බව පිළිගත් විශ‍්‍රාමික මේජර් ජනරාල් ජයසුන්දර මහතාට එලෙස නියම කළේය.
විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ලෙස කොමිසම හමුවේ සාක්කි දෙමින් කොමිසමට බොරු කීම ඉතා තදබල වරදක් බවත් සාමාන්‍ය සෙබළකු හෝ පහත් නූගත් අයෙකු බොරු සාක්කි දුන්නා නම් එය නොසලකා හැරීමට හැකියාව තිබුණත් ඉහළ නිලධාරියකු ඇත්ත කියන බවට දිවුරුම් දී බොරු කීම සුළුකොට සැළකිය නොහැකි යැයි අවධාරණය කළ විනිසුරු මඩුල්ල අවශ්‍ය නම් නීතිඥවරයකුගේ සහාය ලබා ගෙන නීතිඥවරයෙකු සමග හෝ පැමිණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මේජර් ජනරාල් ජයසුන්දර මහතාට දැනුම් දුන්නේය.
කොමිසමේ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් වන පී‍්‍රති පද්මන් සූරසේන (සභාපති), අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග සහ විශ‍්‍රාමික විගණකාධිපති පී.ඒ. පද්මතිලක යන මහත්වරු කටයුතු කරති.
කොමිසමේ සාක්කි විභාගය අවසානයේදී විශ‍්‍රාමික මේජර් ජනරාල් ගාමිණී බණ්ඩාර විජේසුන්දර ජයසුන්දර මහතා කොමිසම හමුවට කැඳවන ලදී.
ඒ අවස්ථාවේ ඔහු ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා උසස් නිලධාරියකු ලෙස මෙම කොමිසම හමුවට පැමිණ සත්‍ය පවසන බවට දිවුරුම් දී අසත්‍ය පවසා කොමිසම විහිළුවට ගත්තාදැයි ප‍්‍රශ්න කළේය.
මෙම කොමිෂන් සභාව ගැන මෙන්ම අධිකරණ පද්ධතියම විහිළුවකට ගැනීමකට හිතාගෙන ඉන්නවාදැයි ප‍්‍රශ්න කළ සභාපති විනිසුරු සූරසේන මහතා ඊළඟ දින කොමිසම හමුවේ පෙනී සිට තමා අසන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්නැයි ඔහුට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
විනිසුරු ගිහාන් කුලතුංග මහතා විශ‍්‍රාමික මේජර් ජනරාල් ජයසුන්දර මහතා අමතමින් තමා මේජර් ජනරාල් කෙනෙකු නේදැයි විමසීය.
සාමාන්‍ය සෙබළකු හෝ පහත් නූගත් අයකු බොරු සාක්කි දුන්නා නම් මේ ආකාරයට හිතන්නේ නැතැයි ද නමුත් උසස් නිලධාරියකු වන විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයකු ලෙස තමා ගැන ඊට වඩා බරපතළ ලෙස සිතිය යුතු යැයි ද කීය.
කොමිසම හමුවේ දිවුරුම් පිට බොරු සාක්කි දී කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට හේතු ඇත්නම් එම හේතු මෙම නඩුව යළි කැඳවන ලබන 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මේජර් ජනරාල් ජයසුන්දර මහතාට කොමිසම දැනුම් දුන්නේය.

Reviewed by Unknown
on
1:09 PM
Rating:
![බොරු සාක්කි දි කොමිසමට අපහාස කළාට ජනරාල්ගෙන් නිදහසට කරුණු අසයි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuv9UWlxWwhVx-SfOB4WCsWpzHM1F8pTxoZphwMi4MY5euZj_1zhS6s72BkTLjwDL4pUqpHUbLoeFpjfw80Orar3KugcXUNO2cULm1pk4Tuk1faZ6u3w1tVLEre-UkyB7acNcwOgp65lQ5/s72-c/raknalanka.png)