ශ්‍රී ලංකාව සමග සමීපව වැඩ කරන්න ඉන්දීය අගමැති ලෑස්‌තියි
දෙරට අතර පවතින දිගු කාලීන සබඳතා තවදුරටත් ශක්‌තිමත් කර ගැනීමට ශ්‍රී ලංකා ජනපතිවරයා හා අගමැතිවරයා සමග ඉතා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ප්‍රකාශ කර ඇත.
ඉන්දීය සංචාරයක නිරතව සිටින හිටපු ජනපතිනිය එරට අග්‍රාමාත්‍යවරයා සමග පැවැති විශේෂ සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කෙරී තිබේ.
එමෙන්ම සාමය හා ප්‍රතිසංධානය සඳහා ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවද මෝදි මහතා ප්‍රකාශ කර ඇත.
නවදිල්ලියේ පැවැත්වෙන සමුළුවක ප්‍රධාන දේශනය පැවැත්වීමට හිටපු ජනපතිනිය මෙම සංචාරයේ නිරත වූවාය.
ඉන්දීය සංචාරයක නිරතව සිටින හිටපු ජනපතිනිය එරට අග්‍රාමාත්‍යවරයා සමග පැවැති විශේෂ සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කෙරී තිබේ.
එමෙන්ම සාමය හා ප්‍රතිසංධානය සඳහා ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවද මෝදි මහතා ප්‍රකාශ කර ඇත.
නවදිල්ලියේ පැවැත්වෙන සමුළුවක ප්‍රධාන දේශනය පැවැත්වීමට හිටපු ජනපතිනිය මෙම සංචාරයේ නිරත වූවාය.
ශ්‍රී ලංකාව සමග සමීපව වැඩ කරන්න ඉන්දීය අගමැති ලෑස්‌තියි
Reviewed by Unknown
on
12:49 PM
Rating:
![ශ්‍රී ලංකාව සමග සමීපව වැඩ කරන්න ඉන්දීය අගමැති ලෑස්‌තියි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3Z5KSGnymahbaQIFbz1LAR5HYDvo0tOO2byKEMyHrWoKlVBcp0SOHN4jQMioCppjYO8x-q54-TveeHGqyamk_s1oQgGdn9WJEmEHaMXqBmFIGAmqk0Sm1OqPcx3GGrnFmoqrOwaQi4U12/s72-c/images.jpg)