මත්තල වී ගබඩා කරනවාට එරෙහිව ඊයේත් උද්ඝෝෂණ
මත්තල ගුවන් තොටුපොළ ගොඩනැඟිල්ලක වී ගබඩා කිරීමට එරෙහිව පිරිසක් සූරියවැව බස් නැවතුම්පොළේදී ඊයේ (04 දා) පෙරවරුවේත් උද්ඝෝෂණයක යෙදුණහ.
"ජනතාවෙනි අවදිවෙන්න - මත්තල උරුමය රකින්න.
"යහපාලන යම බිල්ලා ගුවන් තොටත් ගිල දැම්මා"
"පක්‍ෂ පාට අපට එපා - ගුවන් තොටයි අපට ඕන"
යනාදී වශයෙන් සඳහන් සටන් පාඨ පුවරු උද්ඝෝෂකයන් අත තිබෙනු දක්‌නට ලැබිණි. තුන් සියයක පමණ පිරිසක් උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ. මෙයට සහයදීමට සමහර වෙළෙඳසල්ද වසා තිබිණි.
ගුවන්තොටුපොළෙහි වී ගබඩා කිරීම නොකරන ලෙස රජය දැනුවත් කිරීම සඳහා උද්ඝෝෂණය කළ බවත් සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති එරන්ද ජනක මහතා පැවැසීය.
විරෝධතාවයට එක්‌ව සිටි අය අතර ප්‍රදේශයේ විහාරස්‌ථානයන්හි හිමිවරුන් කීප නමක්‌ද, දකුණු පළාත් සභා මන්ත්‍රී එස්. වී. පී. ආනන්ද මහතා සහ තවත් මන්ත්‍රීවරු කීප දෙනෙක්‌ද සිටියහ.

Reviewed by Unknown
on
12:47 PM
Rating:
![මත්තල වී ගබඩා කරනවාට එරෙහිව ඊයේත් උද්ඝෝෂණ](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeOpnjcWaAsoC88EE0f4SAOcCOC3X5n-jatDUJonCuhbLQfvLaXYHT8ysGw8fo2r4ybhqlIafEMj-bTVG7C-I6FmsrfDqk8kMhxSiMPfMh4v3SkvoE5C-phfMKrocG3ioOI15w3gANUnng/s72-c/maththala.jpg)