විද්‍යාත්මක පදනමකින් ඇමැති විෂයන් බෙදා නෑ

පරණ පුරුදු විගඩම් අච්චාරු ඇමැති මණ්‌ඩලයක්‌ මිස මෙය කිසිසේත්මක විද්‍යාත්මක පදනමක්‌ මත විෂයයන් බෙදූ ඇමැති මණ්‌ඩලයක්‌ නොවේ යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04දා) ප්‍රකාශ කළේය.

ජනවාරි අටවැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ලැබූ ජනවරම තුළ තිබෙන්නේ රාජපක්‍ෂ විරෝධය පමණක්‌ නොව එම රජයේ කැබිනට්‌ මණ්‌ඩලයටද දැක්‌ වූ විරෝධය බව කී දිසානායක මහතා එදා ජනතාව ප්‍රතික්‍ෂේප කළ දූෂිත ඇමැතිවරුන්ට මෙවරද ඇමැතිධුර පිරිනැමීමෙන් යහපාලනයේ තරම පෙනෙන බවද කීය.

දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට පටහැනිව ඇමැති ධුර ඉහළ දැමීමෙන් රනිල් මෛත්‍රී පාලනය ආරම්භයේදීම පෙන්වා දී තිබෙන්නේ බල වුවමනාව මත ව්‍යවස්‌ථාව පසෙක තැබීමට සූදානම් බව යෑයිද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
විද්‍යාත්මක පදනමකින් ඇමැති විෂයන් බෙදා නෑ විද්‍යාත්මක පදනමකින් ඇමැති විෂයන් බෙදා නෑ Reviewed by Unknown on 12:43 PM Rating: 5
Powered by Blogger.