හංගේරියාවේ සිට පැමිණෙන සරණාගතයින්ට ඔස්ට්‍රියාවේ දේශ සීමාව විවෘත වෙයි
හංගේරියාවේ සිට පැමිණෙන සරණාගතයින්ට තම දේශ සීමාව විවෘත කිරීමට ඔස්ට්‍රියාව තීරණය කර තිබේ.
ඔස්ට්‍රියාව මේ බව නිවේදනය කළේ, හංගේරියාව බස් මගින් සරණාගතයින් ඔස්ට්‍රියා දේශ සීමාව වෙත රැගෙන ඒමට පියවර ගැනීමෙන් අනතුරුවයි.
සරණාගතයින්ට තම දේශ සීමා විවෘත කිරිමට ජර්මනිය හා තම රට සූදානම් බව ඔස්ට්‍රියා චාන්සලර්වරයා ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රියාවේ රැකවරණය සඳහා අයදුම් කිරීමට එම සරණාගතයින්ට අවස්ථාව ඇති බව ද, ඔස්ට්‍රියා රජය පැවසීය.
යුරෝපයට ඇතුළුවීම සඳහා සංක්‍රමණිකයින් දහස් ගණනක් මේ වනවිට හංගේරියාවට ඇතුළු වී සිටිති.
හංගේරියාවේ දැඩි දේශ සීමා රෙගුලාසි හේතුවෙන් එම සංක්‍රමණිකයින්ට සෙසු යුරෝපා රටවලට ඇතුළුවීමට නොහැකි විය.
හංගේරියාවේ සිට පැමිණෙන සරණාගතයින්ට ඔස්ට්‍රියාවේ දේශ සීමාව විවෘත වෙයි
Reviewed by Unknown
on
7:09 PM
Rating:
Reviewed by Unknown
on
7:09 PM
Rating:
