මහින්ද තරඟ කරන කුරූණෑගල දිස්ත්‍රික් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව මෙන්න

එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් යහපාලන පෙරමුණ මෙවර මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නාමයෝජනා පත්‍ර බාරදීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

නමුත් සන්ධානයෙන් කුරුණෑගලට තරග වැදීමට සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාව සඳහා එක්නොවීය.

කෙසේ වෙතත් ඔහු කුරූණෑගල කණ්ඩායම් නායකයා බවට පත්කර තිබෙන බවට මීට ඉහතදී වාර්තාවිය. සන්ධාන නාමයෝජනා ලැයිස්තුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වි ඇත. .
සන්ධාන නාමයෝජනා  ලැයිස්තුව හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් රැගෙන ගියේය.එම අවස්ථාවට  මහ ඇමති දයාසිරි ජයසේකර හා නීතිඥ ගෝමීන් දයාසිරිද  එක්ව සිටියහ.
එජාපයෙන් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍ය එස්.බී. නාවින්න යන මහත්වරු පැමිණියහ.

මහින්ද තරඟ කරන කුරූණෑගල දිස්ත්‍රික් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව මෙන්න මහින්ද තරඟ කරන කුරූණෑගල දිස්ත්‍රික් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව මෙන්න Reviewed by Unknown on 1:31 PM Rating: 5
Powered by Blogger.