ෂාහිඩ් කපූර්ගේ විවාහය අදයි
ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර් සහ මීරා රාජ්පුත්ගේ විවාහය අද (07දා) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ඉන්දීය පුවත් වාර්තා කරයි. කපූර්ගේ මව වන සුප්‍රියා පතක් ඉන්දීය පුවත් වෙබ් අඩවියකට පවසා ඇත්තේ ඔවුන් මෙම විවාහය ඉතාම සරලව පැවැත්වීමට කටයුතු කර ඇති බවයි.
ෂාහිඩ් කපූර් සහ මිරා රාජ්පුත් හොර රහසේම විවාහ ගිවිස ගත් බව පසුගිය කාලයේ ඉන්දීය පුවත් අතර වාර්තා විය. නමුත් ඔවුන්ගේ විවාහ ගිවිසගත් ඡායාරූප මාධ්‍ය වෙත ලබානොදුන් බවද එම පුවත් වාර්තා කළේය. කෙසේවුවද මීරා රාජ්පුත් සහ ෂහිඩ් කපූර්ගේ පෙම ආරම්භ වූ ආකාරය පිළිබඳ ෂාහිඩ් පවසා ඇත්තේ, ඔහු ආගමික වැඩසටහනක් සඳහා සහභාගී වී සිටියදී මීරාත් එම වැඩසටහන සඳහා සහභාගී වී සිටිනු දැක එතැන් පටන් ඔවුන් දෙදෙනාගේ ආදරය ඇරඹුණු බවත්ය.
කෙසේ වෙතත්, විවාහය සඳහා ක්ෂේත්‍රයේ සිටින සියලුදෙනාටම ආරාධනා කර ඇති බවත්, ෂාහිඩ් පළමුව ආරාධනා කර ඇත්තේ තම පළමු පෙම්වතිය වූ කරීනා කපූර් සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන සයිෆ් අලි ඛාන්ට බවත් ඉන්දීය පුවත් වාර්තා පෙන්වා දෙයි.

Reviewed by Unknown
on
3:43 PM
Rating:
Reviewed by Unknown
on
3:43 PM
Rating: