හේමාල්ව ඇත්තටම සිපගන්න කියලා අධ්‍යෂතුමා මට කිව්වා
මේ දිනවල තිරගත වන ප්‍රවේගය චිත්‍රපටයේ උදාරිගේ චරිතයට ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්. ඒ නිසාම උදාරිට රංගනයෙන් දායක වන නවක නිළියක් වන අප හිතවත් උදාරි පෙරේරා මෙවර කතාබහට එකතු කරගත්තා.
උදාරිට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා කියන්නේ ඇත්තද?
ඒ කතාව නම් ඇත්ත. ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොදයි ප්‍රවේගය කියන්නේ මගේ පළමු චිත්‍රපටය. ඒ චරිතය හරහා තමයි හේමාල්ගේ චරිතය ගළාගෙන යන්නේ.
කොහොමද ප්‍රවේගයට
සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ?
මගේ යාළුවෙක් සංදේශ් කුමාරිව අදුරනවා. සගරාවක මගේ රූපය පිටකවරයක් ගියා සංදේශ් කුමාර් අහලා තියෙනවා කවුද මේ ගර්ල් කියලා. ඒ හරහා තමයි ප්‍රවේගයට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ. ඒ වෙනකොට ප්‍රවේගයට ගොඩක් දෙනාව පරික්ෂා කරලා තිබුනා. මගේ හිනාව නිසා තමයි මේ චිත්‍රපටයට එකතු වෙන්න ලැබුණේ.
චිත්‍රපටය රූගත කිරීම් අතරතුර සිදුවූ අමතක නොවන සිදුවීම් මතක් කළොත්?
හේමාල්ට මුල්ම දවස්වල හරියට මෝටර් සයිකල් පදින්න බෑ. බයික් එකේ නැගලා බාගයක් දුර යද්දි තමය් හේමාල් කීවේ කෙල්ලේ මට බයික් පදින්න බෑ. හයියෙන් අල්ලගන්න කියලා. මම එච්චර වෙලා ඒක දැනගෙන හිටියේ නෑ එයාට බයික් පදින්න බෑ කියලා. ඒ වෙලාවේ නම් හිතුවා බයික් එක පෙරළෙයි කියලා.
තවත් සිද්ධියක් මට මතක් වෙනවා. හේමාල්ටයි මටයි සිපගැනීමේ දර්ශනයක් තිබුණා. ඒ සීන් එක ඇත්තටම කරන්න කියලා අධ්‍යක්ෂතුමා කිව්වා. මම බලන්නම් කියලා ඒ ගැන කල්පනා කළා. ඒත් මම සිනමාවට අලුත් කෙනෙක් නිසා අවධානම ගන්න බෑ කියලා හිතුණා. ඒ සිදුවීම් දෙකම මට අමතක වෙන්නෑ.
රංගනයට එකතු වීම නිසා පවුල් ජීවිතය සීමා වෙන්නේ නැද්ද?
මම කාර්යබහුල චරිතයක් වෙන්නෑ. මොකද මම කොහොමත් හස්බන්ඩ් ප්‍රසාද් රණසිංහගේ වැඩවලට උදව් වෙනවා. ප්‍රසාද් රණසිංහ කියන්නේ මේ ශේත්‍රයේ ඉන්න අධ්‍යක්ෂවරයෙක්. එයාගේ වැඩවලට ඇදුම් නිර්මාණය කරනවා වගේම වේෂ නිරූපණයෙනුත් මම උදව් වෙනවා. ඒ හැම තිස්සෙම අපි දෙන්නා එකට ඉන්නේ රංගනයේදී මගේ හොදම විවේචකයා මගේ හස්බන්ඩ්. හරි නැත්තම් මූණටම කියනවා.
කොහොමද ප්‍රසාද්ව මුණ ගැහුණේ?
මම ගුවන් සේවිකාවක් ලෙස වැඩ කරද්දි නිතින් ගුණරත්නගේ මියුසික් වීඩියෝ එකට ආරාධනා කළා. ඒක භාරදුන්නේ ප්‍රසාද්ට. ඒ මියුසික් වීඩියෝ එක නිසා තමයි මට ප්‍රසාද්ව මුණ ගැහුණේ. මුලින්ම ආදරය ප්‍රකාහ කලේ එයා. මම එක පාරටම කැමැති වුණේ නෑ. කොහොම හරි ප්‍රසාද් පස්සෙන් ඇවිත් මාව යාළු කර ගත්තා. අපි විවාහ වෙලා අවුරුදු පහක් වෙනවා.
උදාරිගේ වැඩවලට ඔහුගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?
හොද වැඩක් ආවොත් උපරිම සහයෝගයක් දෙනවා. හැබැයි හැමදේම බදාගෙන කරනවාට එයා කැමැති නෑ.

Reviewed by Unknown
on
2:47 PM
Rating:
Reviewed by Unknown
on
2:47 PM
Rating: