යුරෝපයට යන්න ගිය 100කගේ මළ සිරුරු ලිබියානු මුහුදු සීමාවේ බෝට්ටුවක
ලිබියානු මුහුදු සීමාවේදී හමු වූ සරණාගතයින් 500ක් පමණ රැගත් බෝට්ටු දෙකකින් 100දෙනෙකුගේ පමණ මළ සිරුරු හමු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඊයේ (27) හමු වූ මෙම බෝට්ටු යුරෝපය බලා ගමන් කරමින් තිබූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
පුද්ගලයන් 50ක් පමණ රැගත් පළමු බෝට්ටුව විසින් පළමුව ආපදා ඇමතුමක් නිකුත් කර ඇත. ඒ අනුව සොයා බැලීමේ දී 400ක් පමණ පිරිසක් රැගෙන පැමිණි මෙම දෙවන බෝට්ටු ඊයේ සවස අනතුරට පත්ව මුහුදුබත් වෙමින් තිබිය දී හමු වී ඇත.
ලිබියානු වෙරල ආරක්ෂක විසින් පුද්ගලයන් 201ක පිරිසකගේ දිවි බේරාගෙන ඇති නමුත් පෙරළී ගිය බෝට්ටුවේ තවත් බොහෝ පුද්ගලයන් සිර වී සිටිනු ඇතැයි නිලධාරීන් පවසති.
අවම වශයෙන් සිරුරු 100ක් පමණ බටහිර ට්‍රිපොලි නුවර Zuwara නගරයේ රෝහලට ගෙන ගොස් ඇතැයි බීබීසී වාර්තා කරයි.
විපතට පත් වූ පුද්ගලයන් සිරියාව, බංග්ලාදේශය හා සහරා අප්‍රිකානු රටවල සංක්රමණිකයින් බව සිද්ධිය දුටු පුද්ගලයන් පවසා ඇති නමුත් මෙම තොරතුරු තවමත් තහවුරු කර නැත.
මෙම වසරේ යුරෝපය බලා යාමට, මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් 2,400ක් මේ වන විට මිය ගොස් ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එසේම 160,000ක් පමණ සංක්‍රමණිකයින් ග්‍රීසියට ගොඩ බැස ඇති අතර 100,000 කට වඩා වැඩි පිරිසක් ඉතාලියට ගොස් තිබේ.
පසුගිය බදාදා (26), අවම වශයෙන් මළ සිරුරු 51ක් ලිබියාවේ මුහුදු තීරයේ දී අනතුරට පත් නැවකින් හමුවී තිබේ.

Reviewed by Unknown
on
10:31 AM
Rating:
![යුරෝපයට යන්න ගිය 100කගේ මළ සිරුරු ලිබියානු මුහුදු සීමාවේ බෝට්ටුවක](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWZ26cO-zXcmZCrxipuTQw5KYQmFLYx9husSgbu4H7bzuydqVEBMPRl11B9bBSHFEnsy5ep6ITf4etsMpyeBpYMiT472WIdiHG6rtH3MhO14u_GLQ8bfg_SmgoPqxoVnCw1AATdE7UT0Nw/s72-c/1c3788814d826e584b7397d04f77ce57_XL.jpg)