රවීගේ ආධාරකාරිය මියගියේ පාතාලයේ ගැටුමකින්
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට සුගතදාස ක්‍රීඩාංගණය ආසන්නයේදී එල්ල වුණු වෙඩි ප්‍රහාරය පාතලයේ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. පොලිස්පති නියමයෙන් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණක් පවත්වයි. රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් ගෙයින්ගෙට යමින් මැතිවරණ
ප්‍රචාරක ව්‍යාපාරයේ නිරතව සිටියදී එම වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ 31 වෙනිදා පෙරවරු 11.45ට පමණය.
මෝටර් රථයකින් සහ වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් ටී 56 අවියකින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. වෙඩි ප්‍රහාරයෙන් රවි කරුණානායක මහතාගේ ආධාරකාරිනියක් මියගොස් දොළොස් දෙනෙක් තුවාල ලැබිය.කොටහේනේ මාදම්පාපිටියේ පදිංචි සායික් සිත්ති තසීමා නමැති හතළිස් දෙහැවිරිදි කාන්තාව මියගොස් ඇත.තුවාලකරුවන් 10 දෙනකුම පිරිමි අයයි. ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව කොළඹ ජාතික රෝහලේ තොරතුරු අනාවරණය කළේය.
කාන්තාව මියගොස් ඇත්තේ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.රවි කරුණානායක මහතාට සහය දැක්වූ එම අත් පත්‍රිකා බෙදාහැරීමේ කටයුත්ත සංවිධානය කර ඇත්තේ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකි. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව එම අත්පත්‍රිකා බෙදාහැරීමේ කණ්ඩායමේ සාමාජිකයන් ලෙස සංඛ සහ ආමි සම්පත් ඇතුළු පාතාලයට සම්බන්ධ කිහිපදෙනකුම සිට ඇත. ඒ බව එම අත්පත්‍රිකා බෙදාහැරීමට ගිය කිහිප දෙනකුම පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.
පොලීසියට ලැබි ඇති තොරතුරුවලට අනුව මේ වනවිට තහවුරු වී ඇත්තේ රවි කරුණානායක මහතාට සහය දක්වමින් අත්පත්‍රිකා බෙදාහරිමින් සිටි පිරිස අතර සිටි සංඛ සහ ආමි සම්පත් ඇතුළු පාතාල සාමාජිකයන් කිහිප දෙනකු ඉලක්ක කර එම ප්‍රහාරය ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් එල්ල කර ඇති බවය. හඳුනාගෙන ඇති ආකාරයට අනුව ප්‍රහාරය එල්ල කොට ඇතැයි පැවැසෙන්නේ පැතුම් නමැති පාතාල අපරාධකරු ඇතුළු සිව් දෙනකුගේ කණ්ඩායමකි. පැතුම් නමැත්තා දෙමටගොඩ චමින්ද නමැති පාතාල ප්‍රබලයාගේ ගෝලයෙක් බව පොලීසිය කියයි. චමින්ද දින කිහිපයකට පෙර වරෙන්තුවකට බන්ධනාගාරගතව සිටී.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට විනාඩි පහ හයකට පෙර මුදල් ඇමැති රවි කරුණානායක මහතා අත්පත්‍රිකා බෙදාහරිමින් සිටි පිරිස අතරට පැමිණ සුහද කතාබහකද නිරතව සිට ඇතැයි පොලීසිය කියයි.
වෙඩි තැබිම වන මොහොතේ රවි කරුණානායක මහතාගේ මාධ්‍ය කණ්ඩායමක්ද එම ස්ථානයේ සිට ඇත. ඒ අයගේ වීඩියෝ පටවල මෙම ප්‍රහාරයේ ඇතැම් සිදුවීම් පටිගත වී ඇති බැවින් එම වීඩියෝ පට පොලිස් භාරයට ගැනීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ආමි සම්පත් සහ සංඛ නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනාට බ්ලූමැන්ඩල් තට්ටු නිවාස සංකීර්ණය තුළ නිවාස 3 ක් ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. එම නිවාස සංකීර්ණ භූමියේ නතර කර තිබුණු ආමි සම්පත් පරිහරණය කළ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත. එම මෝටර් රථයේ ටී 56 පතරොම් ගැබක්ද තිබි හමුවී ඇත. එම පතොරම් ගැබ තුළ ටී 56 පතරොම් 22 ක් තිබි හමුවූ බව පොලීසිය කියයි. බත්තරමුල්‍ලේ පුද්ගලයකුට අයත් එම මෝටර් රථය ආමි සම්පත් කුලියට ගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව පොලීසිය කළ සෝදිසි මෙහෙයුමකින් පසු සැකපිට පුද්ගලයන් 22 ක් පොලිස් භාරයට ගෙන ඇත. එම පුද්ගලයන්ව නිදහස් කරන ලෙස පොලීසියට දේශපාලන බලපෑමක්ද එල්ල වී ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් අය පොලිස් ස්ථානයට රැගෙන ගොස් පරීක්ෂණ පවත්වා නිදහස් කළ හැකි අය නිදහස් කිරීමට පසුව පියවර ගෙන තිබිණි. (උපුටා ගැනීම lakbima.lk)

Reviewed by Unknown
on
8:55 AM
Rating:
Reviewed by Unknown
on
8:55 AM
Rating: