බෙදී වෙන් නොවී නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩනැඟීමට එක්වන්න

දැන් ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී නව යුගයේ අභියෝගයන්ට මුහුණ දෙමින් නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩ නැගීම සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නැඟීමට එක් වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියි.

එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

ජනවාරි අට වැනිදා විප්ලවය ඉදිරියට ගෙන යමින් යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යෑම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ.

මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියලු පාර්ශවයන්ට මාගේ ස්තිතුය පළ කරමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදා කර ගැනීමට අපට හැකි විය. ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමකි.

දැන් ජයග්‍රහාහකයන් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ කාර්යයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උර දිය යුතු වෙමු.

ඒ අභියෝගාත්මක කාර්යය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි.

අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහි කරමු. සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලුත් රටක් නිර්මාණය කරමු.‘

බෙදී වෙන් නොවී නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩනැඟීමට එක්වන්න බෙදී වෙන් නොවී නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩනැඟීමට එක්වන්න Reviewed by Unknown on 1:20 PM Rating: 5
Powered by Blogger.