එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් මහකොමසාරිසුත් එයි
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිල මහකොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ලබන මාසයේදී වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර ඔහුගේ සංචාරය සිදු වනු ඇති බව වාර්තා වේ.
අදාළ සංචාරය පිළිබඳ මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති අතර සැසිවාරයට ඉදිරිපත් කරන වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ලබාදීම ද මීට සමගාමිව සිදු වනු ඇති බව වාර්තා වෙයි.
ලබන මස 14 වනදා සැසිවාරය ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අමේරිකාව ඇතුළු රටවල් කිහිපයක් මිට පෙර යෝජනා ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වුවද පසුගිය දා දිවයිනට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය ප්‍රකාශ කළේ යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයකට නොව දේශීය පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකාවට සහය පළ කරමින් යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

Reviewed by Unknown
on
8:01 AM
Rating:
![එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් මහකොමසාරිසුත් එයි](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXt0RU8m051klHyaVaG2VWu7COqL4o-HahVbkJxoOrOdLCpfyaJjUYIceQAu0sG_ptdNG7hAtpRsAECSkoJ1N-C5fwN-FKEpnnees_JecqwiHR_ae6tfTEJEw-58ADxlM4ZC-6dupk4BYF/s72-c/10165250252.jpg)