රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා විශේෂ දුම්රිය සේවාවක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව 14 වැනි වරටත් සංවිධානය කරන ගජබා සුපර් ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අද (30) පෙරවරු 9.00 සිට සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවැත්වේ.


දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදි ධාවකයන් සමගින් තරගකරුවන් 175 කට ආසන්න සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතය.

දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදි ධාවකයා තෝරා ගැනීම සඳහා වන ඉසව් දෙකද ඇතුළත්ව ඉසව් 23 කින් සමන්විත වන මෙවර තරගාවලියට මෝටර් රථ තරග 11 ක් සහ යතුරුපැදි තරග 12 ක් ඇතුළත් වේ.

තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සංගමයේ සභාපති ඩිල්හාන් ජයවර්ධන මහතා කීවේ ඉන්දීය යතුරුපැදිකරුවන් දෙදෙනක් මෙවර තරගාවලියට සහභාගී වන බවත් මැලේසියානු යතුරුපැදි කී‍්‍රඩා සමාජයකට ද තරගාවලියට සහභාගී වීම සඳහා ආරාධනා කර ඇති බවත්ය.

සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සංගමය විසින් මෙතෙක් පවත්වනු ලැබූ තරගාවලි 3 අවසානයේ යතුරුපැදි අංශයෙන් ෂෙහාන් සී. අධිකාරිද (ලකුණු 49), මෝටර් රථ අංශයෙන් අශාන් සිල්වාද (ලකුණු 42) ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන  සිටිති.

යුද්ධයේදී මියගිය සහ විවිධ ආබාධයන්ට ගොදුරුවූ ගජබා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සඳහා මුදල් රැස්කිරීමත්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නංවාලීමත් මෙම තරගාවලියේ සංවිධානය කිරීමේ ප‍්‍රධාන අරමුණු වේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරන අතර තරගාවලියේ සම අනුග‍්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් ආයතනයෙනි.
රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා විශේෂ දුම්රිය සේවාවක් රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා විශේෂ දුම්රිය සේවාවක් Reviewed by Unknown on 9:58 AM Rating: 5
Powered by Blogger.