කරුවලගස්වැව හිටපු සභාපති බිරිඳව කපලා

තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක් අද (22) රාත්‍රියේ පුත්තලම රෝහලට ඇතුළත්කර තිබෙනවා. රෝහල් ආරංචිමාර්ග පැවසුවේ කාන්තාවගේ මුඛය, අතක් සහ තවත් ස්ථාන කිහිපයක් කැපුම්වලට ලක්ව ඇති බවයි. ඒ සමග ගෙල ප්‍රදේශයේ සාමාන්‍ය කැපුමක් ද ඇති බව සඳහන්.

තුවාලකාරිය රෝහල් පොලිසියට කට උත්තර ලබා දී ඇත්තේ තමන්, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීල් වීරසිංහගේ  බිරිඳ බවටයි. තබ්බෝව නිවසේදී - මේස පිහියකින්  ප්‍රහාරය එල්ල කළේ ස්වාමිපුරුෂයා බවද ඇය පොලිසියට දන්වා තිබෙන බව අප වාර්තාකරු පැවසුවා.
කරුවලගස්වැව හිටපු සභාපති බිරිඳව කපලා කරුවලගස්වැව හිටපු සභාපති බිරිඳව කපලා Reviewed by Unknown on 10:52 PM Rating: 5
Powered by Blogger.