රවීගේ මැතිවරණයට පාතලය යොදාගන්නා බව හෙළි වේ

යේ (31) බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී රවී කරුණානායක ඇමතිවරයාගේ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි පිරිසට වෙඩි තැබීමේ සිද්ධ්යෙන් එම ඇමතිවරයා තම ප්‍රචාරක කටයුතු සඳහා පාතාල සංවිධානවල සාමාජිකයින් යොදාගන්නා බව හෙළිවෙමින් තිබේ.

ආමි සම්පත් සහ සංඛ යන දෙදෙනා මේ අතර මූලිකයන් වී සිටිති. ඊයේ වෙඩිතැබීම සිදු කර ඇත්තේ ආමි සම්පත් හඹා ආ පිරිසක් බව අනාවරණය වේ.


සංඛ නැමැත්තා සමග සිටි කල්ලියේ බොහෝ පිරිසක් මෙයට පෙර වෙඩිතබා ඝාතනය කර ඇති අතර ඔහු දිවි බේරාගෙන ඇත්තේ විදේශගතවීමෙන්ය. එසේ සිටින අතර මෙයට සති දෙකකට පමණ පෙර ඔහු ලංකාට පැමිණ ඇත. නැවත පැමිණි දින සිට රවී කරුණානායක ඇමතිවරයාගේ ප්‍රචාරක කටයුතුවල දිගටම නියැලෙමින් සිට ඇති බව හෙළි වේ.

මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව පැහැදිලි වී තිබෙන්නේ ඊයේ සිදු කරන ලද වෙඩි තැබීම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවක් නොව පාතාල කල්ලි අතර ගැටීමක් නිසා කරන ලද්දක් බවය. එහෙත් එයින් මියගොස් ඇත්තේ සහ වෙඩි වැදී සිටින්නේ රවී කරුණානායක ඇමතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගී වූ පිරිසක්ය.



රවීගේ මැතිවරණයට පාතලය යොදාගන්නා බව හෙළි වේ රවීගේ මැතිවරණයට පාතලය යොදාගන්නා බව හෙළි වේ Reviewed by Unknown on 3:00 PM Rating: 5
Powered by Blogger.