ප‍්‍රචාරක රැස්වීම් අදින් අවසන්


ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේ අවසන් ප‍්‍රචාරක රැස්වීම් අද (14) පස්වරුවේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පැවැත්වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ අවසන් ප‍්‍රචාරක රැළිය පැවැත්වෙන්නේ මරදාන ටවර් රඟහල අසලදීයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වෙනවා. ඊට අමතරව අකුරැස්ස, මාතර, කළුතර සහ මොරටුව යන නගරවලදීද අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මැතිවරණ ප‍්‍රචාරක රැළි පැවැත්වීමට නියමිතයි.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් මැතිවරණ ප‍්‍රචාරක රැළිය පැවැත්වෙන්නේ කුරුණැගලදීයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වෙනවා. ඊට අමතරව තිස්සමහාරම , මහනුවර සහ ගම්පහ යන නගරවලදීද මැතිවරණ ප‍්‍රචාරක රැළි පැවැත්වීමට නියමිතයි.

ජනතා විමුක්ති පෙරමුණේ අවසන් ප‍්‍රචාරක රැළිය අද පස්වරුවේ පැවැත්වෙන්නේ කොළඹ අලූත්කඬේ මංසන්ධියේදීයි. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැුළිය පැවැත්වෙනවා. ඊට අමතරව හම්බන්තොට , මාතර , බෙලිඅත්ත දික්වැල්ල සහ දෙවිනුවර යන නගරවලද ප‍්‍රචාරක රැළි පැවැත්වීමට නියමිතයි.
ප‍්‍රචාරක රැස්වීම් අදින් අවසන් ප‍්‍රචාරක රැස්වීම් අදින් අවසන් Reviewed by Unknown on 11:13 AM Rating: 5
Powered by Blogger.