පිටිගල, හත්තක ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, ඇල්පිටිය සිට පැලවත්ත බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඊයේ රාත්‍රී මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය. අනතුරින් තුවාල ලැබූවන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ.