කෑගල්ලේ බස් රථ අනතුරකින් 12ක් රෝහලේ

කෑගල්ල – රඹුක්කන මාර්ගයේ පුවක්දෙණිය ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ බස් රථ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කෑගල්ලේ සිට රඹුක්කන දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් සහ රඹුක්කන සිට කෑගල්ල දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 05 දෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
කෑගල්ලේ බස් රථ අනතුරකින් 12ක් රෝහලේ කෑගල්ලේ බස් රථ අනතුරකින් 12ක් රෝහලේ Reviewed by Unknown on 1:09 PM Rating: 5
Powered by Blogger.