තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින 3ක්

එළැඹෙන මහමැතිවරණයේදී  තැපැල් ඡන්ද සලකුණු කිරීම දින 3කදී සිදුකිරීමට කටයුතු යොදා තිබේ. ගුරුවරුන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අගෝස්තු මස 3 දාත් අනිකුත් සෙසු රාජ්‍ය ආයතන සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම අගෝස්තු මස 5 සහ 6 වැනිදා සිදුකළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින් සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබේ.  අයදුම්පත් භාර ගැනීම එළඹෙන14 වැනිදායින් අවසන් වේ. තැපැල් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය පිළිබඳ තොරතුරු 0112868441, 0112868442, 0112868443යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින 3ක් තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින 3ක් Reviewed by Unknown on 5:12 PM Rating: 5
Powered by Blogger.