සන්ධාන නාමයෝජනා ලැයිස්තු අද අවසන්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා ලැයිස්තු අද (08දා) දිනයේ අවසන් කිරීමට හැකිවනු ඇතැයි සන්ධාන නායකයෝ පවසති. මේ අනුව පසුගිය දින කිහිපයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව පිළිබඳ කුතුහලයට පිළිතුරු ලැබෙනු ඇතැයි ඔවුහු පවසති.
නාමයෝජනා සම්බන්ධයෙන් සන්ධානයේ හවුල්කාර පක්ෂ හා කොටස් අතර විෂමතා අවම කිරීමේ අරමුණින් එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨයෝ ඊයේ (07දා) දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වූහ.
ඊයේ සන්ධ්‍යාවේ සිට රාත්‍රිය දක්වා ස්ථාන තුනකදී සන්ධානයේ නාමයෝජනා පිළිබඳ විවිධ සාකච්ඡා පැවැත්වුණි.
අදාළ සාකච්ඡා තුළින් එළඹුන නිගමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියට යොමුකිරීමද ඊයේ රාත්‍රියේ සිදුවිය. එයින් පසු ශ්‍රී.ල.නි.ප.ජේෂ්ඨයන් ජනාධිපතිවරයා සමග ඒ සම්බන්ධයන් සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි.
මේ අනුව ජනාධිපතිවරයා නාමයෝජනා සම්බන්ධයෙන් දක්වන අවසන් තීරණය අද දිනයේ දී දැන ගැනීමට හැකි වනු ඇත.
ඒ අනුව අද (08දා) සහ හෙට(09දා) දිනයන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සුවිශේෂ දිනයන් වනු ඇත.
කෙසේ වෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ කිසිවෙකුට ජනාධිපතිවරයා ගනු ලබන තීරණය කුමක්ද යන්න ගැන ඉඟියක් හෝ ලබා ගැනීමට හැකියාවක් ලැබී නැත. මේ නිසා පසුගිය දින කීපය මෙන්ම අද දිනයද ජනාධිපතිවරයාගේ තීරණය දෙස රටම බලා සිටින දිනයක් බවට පත්ව තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා පිළිබඳව අවසන් ලැයිස්තුව සැකසීමේ කටයුතු හෙට (09දා) දිනය වන විට සිදු කිරීමට එම පක්ෂය අපේක්ෂා කරයි. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නාමයෝජනා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් උත්සාහ ගැනීමත් වෙනත් කුඩා දේශපාලන පක්ෂ එජාපය වටා එක්රොක් වී නාමයෝජනා ඉල්ලීමට පෙළඹීමත් නිසා එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා අවසන් ලැයිස්තුව සැකසීම දැඩි දුෂ්කර කාර්යයක් වී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Reviewed by Unknown
on
5:38 PM
Rating:
Reviewed by Unknown
on
5:38 PM
Rating: