යල කන්නයේ වී මිලදී ගන්න රජය සූදානම් - සම්බා රු.50ට, නාඩු රු.45ට

මෙවර යල කන්නයේ දී කීරි සම්බා සහ සම්බා වර්ගවල වී කිලෝව රුපියල් 50 බැගින් ද, නාඩු වර්ගයේ වී කිලෝව රුපියල් 45 බැගින් ද මිලදී ගැනීමට රජය තීරණය කරයි.

එමෙන්ම මෙවර යල කන්නයේ වී අස්වැන්න වී අලෙවි මණ්ඩලය විසින් සෘජුව ම ගොවි ජනතාවගෙන් මිල දී ගැනීමට අපේක්ෂිත අතර ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් විසින් කරනු ඇත. මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ආහාර සුරක්ෂිතතාව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

එසේම වී මිල දී ගැනීමේ වැඩසටහන නියමිත පරිදි සිදු කෙරෙන බවට තහවුරු කරගැනීම සඳහාත්, එකී වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.
යල කන්නයේ වී මිලදී ගන්න රජය සූදානම් - සම්බා රු.50ට, නාඩු රු.45ට යල කන්නයේ වී මිලදී ගන්න රජය සූදානම් - සම්බා රු.50ට, නාඩු රු.45ට Reviewed by Unknown on 12:21 PM Rating: 5
Powered by Blogger.