ලක්ෂ පහක රන් ආභරණ සොරාගත් පෙදරේරුවා මාට්ටුවෙයි
මුන්දලම ,මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසක් අළුත් වැඩියා කිරීම සඳහා පැමිණි පෙදරේරුවෙකු එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න රන් ආභරණ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පෙදරේරුවෙකු ඇතුළු සොරා ගන්නා ලද ස්වර්ණාභරණ සොයා ගැනීමට මුන්දලම පොලිසිය (25) වන දින සමත්ව තිබුණි.
පොලිස් අත් අඩංගුවට පත් සැකකරු මුන්දලම නවඩන්කුලම ප්‍රදේශයේ පදිංචිකාර පෙදරේරුවෙකු බවත්, අදාල සැකකාර පෙදරේරුවා මදුරන්කුලිය ප්‍රදේශයේ නිවසක අළුත් වැඩියා කිරීම්වල නිරතව සිටිය දී එම නිවසේ අල්මාරිය කඩා එහි තිබූ රුපියල් ලක්ෂ පහකට ආසන්න රන් ආභරණ හා ඒ.ටී.එම්. කාඩ්පතක් සොරා ගෙන තිබූ බව කියයි.
සැකකාර පෙදරේරුවා සොරා ගෙන තිබූ ඒ.ටී.එම් කාඩ්පත වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවත්, එම කාඩ් පත උපයෝගි කරගෙන අදාල බැංකුවෙන් මුදල් රැගෙන එන ලෙස ඔහුට දන්වා ඇති අතර, එහිදී එම යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමත් සමග එම පුද්ගලයාගේ ඡායා රූප සටහන් වීමෙන් පසු පොලිසිය පළමුව අදාල සැකකරුව හදුනා ගැනීමෙන් පසු පුළුල් විමර්ශණ කටයුතු ආරම්භ කර තිබුණි.
එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ අදාල පෙදරේරුවා සොරකමෙන් මිදීමට වෙනත් පුද්ගලයෙකු ලවා ඒ.ටී.එම්. කාඩ් පතේ මුදල් ගැනීමට උත්සහ දරා ඇති බවයි.
පසුව සිද්ධියට අදාල සැකකාර පෙදරේරුවා මුන්දලම පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබූ අතර, සොරා ගන්නා ලද ස්වර්ණාභරණ තොග පෙදරේරුවා රහසිගතව සගවා තිබියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය වැඩිදුරටත් පවසයි.
වැටලීම් සදහා පුත්තලම කොට්ඨාශ භාර නිළධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (නීතිවේදී) සෙනරත් පද්මලාල් සදුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත මුන්දලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරික්ෂක අයි.අයි. බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (41280) සූරිය බණ්ඩාර, (11697) එදිරිසිංහ, පොලිස් කොස්තාපල් රියදුරු (4222) ඉෂාන් යන නිළධාරිහු එක්ව තිබුණි
(මව්බිම )

Reviewed by Unknown
on
1:50 PM
Rating:
Reviewed by Unknown
on
1:50 PM
Rating: