කොළඹ පාසැල් ළමුන් ප්‍රවාහන බස් අනතුර -ළමුන් 16ක් රෝහලේ

කොළඹ ,බෞද්ධාලෝක මාවතේ අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව ඉදිරිපිට අද (27) උදැසන පාසැල් ළමුන් රැගත් බස්රථයක් හා ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ  අනතුරින් සිසුන් 16 දෙනෙක් හා ගුරුවරියක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත .


මෙම අනතුර සිදුව ඇත්තේ උදැසන 6.45 පමණය .

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කලේ මේවන විට රෝහලට ඇතුලත් කෙරුණු සිසුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි.
 මාර්ග සංඥා නොතකා බස් රථය ධාවනය කිරීම  මෙම රිය අනතුරට හේතුවී ඇතැයි පොලිස් මුලස්ථානය ප්‍රකාශ කරයි .ඒ සම්බන්ධයෙන් සැකපිට අදාල පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.


කොළඹ පාසැල් ළමුන් ප්‍රවාහන බස් අනතුර -ළමුන් 16ක් රෝහලේ කොළඹ පාසැල් ළමුන් ප්‍රවාහන බස් අනතුර -ළමුන් 16ක්  රෝහලේ Reviewed by Unknown on 2:29 PM Rating: 5
Powered by Blogger.