දකුණු පාතාලයේ පල්ලක්කුඩාවේ උක්කුවා ඝාතනය කරයි
දකුණේ පාතාලයේ මිනීමැරුම් චෝදනා රැසකට සම්බන්ධ ඉහලින්ම නම කියවෙන ජයවීර පටබැදිගේ ප්‍රසන්න ඉන්දික නිලුෂ නොහොත් පල්ලක්කුඩාවේ උක්කුවා ඊයේ (26) උදැසන නාදුනන කන්ඩායමක් විසින් ඔහුට අයත් හෝටලයක් අසලදී වෙඩිතබා ඝාතනය කර ඇත . එහිදී මොහු සමඟ සිටි සගයන් දෙදෙනෙකුද තුවාල ලබා ඇත.
මිට මාස කිහිපයකට ඉහතදී කොන්දොස්තරවරයකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලක්කුඩාවේ උක්කුවා සහ ඔහුගේ සගයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර එම සිද්ධියට මස ගණනක් බන්ධනාගාර ගතව ඇත. අධිකරණයේ ඇප ලැබූ මොවුන් තිදෙනාට සැම මසකම අවසාන ඉරිදා දින පොලිස් පොතේ අත්සන් තැබීමට නියෝග ලැබිණි .
ඒ අනුව ඊයේ (26) උදයේ ඔවුන් ත්‍රිරෝද රථයකින් පැමිණ අත්සන් තබා පිටව යන අතරතුර පල්ලක්කුඩාවේ පිහිටි උක්කුවාට අයිති හෝටලයකට ගොස් ඇත . එහිදී සුදු පැහැති හයිබ්‍රිඩ් මෝටර් රථයක පැමිණි පිරිසක් ත්‍රිරෝද රථය හප්පා ඔවුන් එලියට ඇද වෙඩි තබා පලාගොස් ඇත .ඒ සඳහා T 56 හා ගල්කටස් වර්ගයේ අවි භාවිත කර ඇත.
මෙම ඝාතනය පරණ කෝන්තරයක් මත සිදුව ඇතැයි පොලිසිය සැක කරයි. එම වෙඩි තැබූ සැකකරුවන් සොයා මේ වන විට පරීක්ෂණ පවත්වයි.
පල්ලක්කුඩාවේ උක්කුවාට විරුද්ධව චෝදනා රැසක් පොලිස් පොත්වල හා බුද්ධි අංශවල ලියවී ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිස් මුලස්ථානය පරීක්ෂණ පවත්වයි.

Reviewed by Unknown
on
4:14 PM
Rating:
Reviewed by Unknown
on
4:14 PM
Rating: