අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සෙවීම සඳහා ඉදිරි පාර්ලිමේන්තුවේදී තේරීම් කාරක සභාවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ එම කමිටුව සදහා මීට පෙර පැවති කෝප් කමිටුවේ සාමාජිකයන් ද එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කෝප් අනු කමිටු වාර්තාව පිළිබඳව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (07) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මෙම අවස්ථාවට කෝප් අනු කමිටුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා. අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් කියා සිිටියේ කෝප් කමිටු සභාපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංගණය කර ඇති බවයි.
අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න Reviewed by Unknown on 1:39 PM Rating: 5
Powered by Blogger.