කාලගුණයේ සාපේක්ෂ වෙනසක් - වැසි වැඩිවේ ..

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ, විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශ වල, වැසි තත්වයේ සාපේක්ෂ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

තවද දිවයින හරහා (විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන තද සුළං බලාපොරොත්තු විය හැක.



පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇතිවේ.
සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ.කි.මී.60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 දක්වා ඉහළ යා හැක .
කාලගුණයේ සාපේක්ෂ වෙනසක් - වැසි වැඩිවේ .. කාලගුණයේ සාපේක්ෂ වෙනසක් - වැසි වැඩිවේ .. Reviewed by Unknown on 12:11 PM Rating: 5
Powered by Blogger.