මුලටියාන තේක්කවත්ත පාලම අසළ ජීව අත්බෝම්බයක්
මාතර දිස්ත්‍රික්කයේ මුලටියන සිනිපැල්ල තේක්ක වත්ත පාලම අසල ගසක එල්ලා තිබු පිටරටක සාදන ලද ජීව අත් බෝම්බයක් සොයාගැනීමට මාවරල පොලිසියට ඊයේ හැකිවී ඇත .
මාවරල පොලිසියට ලැබුන දුරකථන පණිවිඩයකට අනුව වහාම එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට පාලමේ යකඩ ඇන්දකට ආසන්නයේ බෑගයක දමා එල්ලා තිබු අත් බෝම්බය සොයාගැනීමට හැකිවුනා.
පසුව එම ස්ථානයෙන් ගමන් කරන ජනතාවට ආරක්ෂාව සැලසීම සඳහා එම මාර්ගය තාවකාලිකව වසා තැබුවා .එමගින් ජනතාව මහත් අසිරූතාවයකට පත් වුහ .
මාවරල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඩබ්ලිව්.ටී පුෂ්පකුමාර මහතා බුස්ස යුධ හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ හමුදා නිලධාරීන් එම ස්ථානයේදීම බෝම්බය නිෂ්ක්‍රිය කරනු ලැබුවා.
මෙම පොලිසිය මගින් පසුගිය 9 වෙනිදා ක්‍රියාත්මක කර තිබු රථවාහන ,පුද්ගලයින් පරික්ෂා කිරීමේ ජංගම මුර සේවයේ ප්‍රතිඵලයක් ලෙස කිසිවකු විසින් මෙය තබා යන්නට ඇති බවයි පොලිසිය විශ්වාස කරන්නේ.

Reviewed by Unknown
on
6:03 PM
Rating:
![මුලටියාන තේක්කවත්ත පාලම අසළ ජීව අත්බෝම්බයක්](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6eF4wpDCWX65aRt3hlqwLEDrtA2LcNfuDF2yMhphzegc7H9h7JvA2ZmDtGhfKtWcKdAQVr7mx-oUQ8eJ5-EGJ_tnpE27FvIXzNbjNxf_5oKrt_B01btyuxDlgyRIRug0f43Bb6htvuIyH/s72-c/nawa5-700x525.jpg)