මහින්ද පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හිටපු ජනාධිපතිවරයකු ලෙස ඔහුට හිමි වන වරප්‍රසාද අහිමි වේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හිටපු ජනාධිපතිවරයකු ලෙස ඔහුට හිමි වන වරප්‍රසාද ඔහුට අහිමි වන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මෙහිදී ඔහුට හිමි වන්නේ නිල ආරක්ෂකයන් දෙදෙනකු සහ වාහනයක් හා සිය නිල රථය පමණක් බවද ඇමැතිවරයා කීය.

එදා රටේ නායකයකු වී සිටි ඔහු අද 'පියන්' තනතුරක් ලබා ගන්නට මෙතරම් වලිකන්නේ මන්දැයි ජනතාව විමසිල්ලෙන් බලා සිටින්නේ යැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.


පක්ෂයේ යම් පිරිසකගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබා දුන්නා මිස පසුගිය කාලයේ ඔහු කළ කී දේ ජනාධීපතිවරයාට හෝ රටේ ජනතාවට අමතක නැති බවද පැවැසූ ඇමැති සේනාරත්න මහතා බල තණ්හාවෙන් ඉදිමී සිටින මහින්ද රාජපක්ෂ මහතාට 'පියන්' තනතුර හෝ ගෙන පාර්ලිමේන්තුවට එක්වීම ලජ්ජාවක් නොවන බවද පැවැසීය.

ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බැව් අනාවරණය කළේය.

එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධු‍රයෙන් සමුගන්නා විට ඇයට ලබාදෙන වරප්‍රසාද කප්පාදුවට මුල පිරූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම සිදු කළ සංශෝධන මත හිටපු ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වන විට ඔහුට හෝ ඇයට පෙර හිමි වරප්‍රසාද අහෝසි වීම දැන් සිදු වී ඇතැයිද සේනාරත්න මහතා පෙන්වා දුන්නේය. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධු‍රයෙන් සමුගන්නා විට ඇයට ලබාදෙන වරප්‍රසාද කප්පාදුවට මුල පිරූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාම සිදු කළ සංශෝධන මත හිටපු ජනාධිපතිවරයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වන විට ඔහුට හෝ ඇයට පෙර හිමි වරප්‍රසාද අහෝසි වීම දැන් සිදු වී ඇතැයිද සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.
මහින්ද පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හිටපු ජනාධිපතිවරයකු ලෙස ඔහුට හිමි වන වරප්‍රසාද අහිමි වේ මහින්ද පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හිටපු ජනාධිපතිවරයකු ලෙස ඔහුට හිමි වන වරප්‍රසාද අහිමි වේ Reviewed by Unknown on 12:45 PM Rating: 5
Powered by Blogger.