අනුෂා අක්කගේ ‍පොලු පාරට මම බේරුණේ අනූ නවයෙන්

චමීර  මුලින්ම අපි කැමතියි ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්න.
මගේ ගම කඩවත. මම ඉගෙන ගත්තේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ. තාත්තයි, අම්මයි, අයියයි, අක්කයි, මල්ලියි, මමයි තමයි මගේ පවු‍ලේ ඉන්නේ. තාත්තා ව්‍යාපාරිකයෙක්. මම දැනට මගේ අයියා විසින් පවත්වාගෙන යන නිවාස ඉදිකිරීම් ව්‍යාපාරයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ අතරම තමයි රඟපෑමට එකතුවෙලා ඉන්නේ.

චමීර රංගනයට එකතු වුණේ?
පාසල් යන කාලෙදිත් මම පාසල් නාට්‍යවල රඟපෑවා. ඇත්තටම මම රඟපෑමට ආශා කළේ පුංචිම කා‍ලේ ඉඳන්ම තමයි ඒ ආශාව හින්දම මම සිරස නාලිකාවේ “තරු මංසල” වැඩසටහනට ඉදිරිපත් වුණා. එදා ඒ තරගයේ ජයග්‍රහණය ලැබුවේ මම. එදා විනිසුරු මඩුල්ලට හිටියේ අර්ජුන් කමලනාත් හා අමීෂා කාවින්දි එතැනින් තමයි මගෙ රංගන දිවිය ආරම්භ වුණේ.

මුලින්ම රංගනය ගැන කතා කළොත්?

කාව්‍යා ටෙලි නාට්‍යයේ උද්දිකගේ මිතුරෙකුගේ චරිතයක් රඟපෑවා. ඒක බොහොම සුළු චරිතයක්. ඒත් මගෙ ආරම්භය තමයි. සහය අධ්‍යක්ෂ ගිම්හාන් වීරක්කොඩි තමයි ඒ අවස්ථාව ලබා දුන්නේ.ඉන් පසුව ඔබේ ගමන ආරම්භ වුණා.
මැක්ස් ඊම සඳහා නිෂ්පාදනය කළ “සයිලෝනා” නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න ලැබුණා. ජනක රාමනායක තමයි ඒ අවස්ථාව ලබා දුන්නේ. ඉන්පසුව දිගටම ටෙලි නාට්‍ය රාශියක් සඳහා අවස්ථාව ලැබුණා.

ඒ ටෙලි නාට්‍යය ගැන කතා කළොත්
“සිහින සිතුවම්”  “සිහින අරං එන්න” “දම්සාරී “කොළඹ අහස” ඇතුළු ටෙලි නාට්‍ය කීපයක්ම තියෙනවා.
චමීර තවම චිත්‍රපටවලට දායකවීමට ඉඩ ලැබුණේ නැද්ද?
එකම චිත්‍රපටයක රඟපෑවා. ඒ තමයි “විසිරුනු මල්” එය ඉදිරියේදී තිරගත වේවි.

මේ දිනවල දායක වන නිර්මාණ ගැන කතා කළොත්?
“කුලැත්තියෝ” හා “දුර්ග තරගය” ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙලා.
රඟපෑ චරිත අතරින් වැඩිම ප්‍රේ්‍රක්ෂක ප්‍රතිචාරය ලැබූ චරිත මොනවාද?
“කොළඹ අහස” ටෙලි නාට්‍යයේ ජීවන්ගේ චරිතයට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. මෙවර සුමති සම්මාන
උළෙලෙහි ජනප්‍රිය නළුවන්ගේ නම් අතර මගේ නමත් තියෙනවා. ඒ අවස්ථාව ලැබුණේ මේ චරිතය හින්දා.
චමීරගේ රංගන දිවියට ගෙදර අයගෙ ප්‍රතිචාර කොහොමද?
මුලදි මම රඟපෑමට එනවට අම්මයි තාත්තයි වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒ අයට අවශ්‍ය වුණේ් මම ව්‍යාපාර ක්‍ෂේත්‍රය තුළ ඉදිරියට යැවීමට. ඒත් අද වන විට මම රංගනය තුළ යම් ගමනක් පැමිණ සිටිනවා.අද ඒ අය මං ගැන සතුටු වෙනවා. මගෙ ටෙලි නාට්‍යය බලලා එහි අඩුපාඩු පවා කියනවා.කලා ලෝකය තුළ මේ ආ ගමනේදී සිත් රිදීම් කැපිලි කෙටිලි අමතක නොවන අවස්ථා ඇති.ක්‍ෂේත්‍රය තුළ ඉන්න කොට පුංචි පුංචි හිත් රිදීම් ඇතිවෙනවානේ. ඒක සාමාන්‍යයයි. ඒත්, මට දැනුවත්ව නම් කිසිදාක කිසිම කෙනෙකුගේ කැපිලි කෙටිලි නම් ඇතිවෙලාම නැහැ. අමතක නොවන අවස්ථා නම් තියෙනවා. “කුලැත්තියෝ” රූගත කරද්දී බොහොම භයානක අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුණා.

ඒ සිදුවීම මොකක්ද?
එක අවස්ථාවක අනුෂා අක්කා මට ‍පොල්ලකින් ගහන ජවනිකාවක් තිබුණා. මම හරස් අතට ‍පොල්ලක් අල්ලලා ඒ පාර වළක්වන්න අවශ්‍යයි. ඒත් ඒ වෙලාවේ මම ඉහළට ඔසවලා නමෛයි ‍පොල්ල ඇල්ලුවේ මගේ මුණට සමාන්තරව. අනුෂා අක්කා ගහපු පාරට මගෙ අතේ තිබුණ ‍පොල්ල දෙකට කැඩුණා. තව ටිකක් එහා මෙහා වුණානං අනුෂ අක්කගෙ ‍පොලූ පහර නතර වෙන්නෙ මගෙ ඔළුවේ.

ආදරය ගැනත් කතා කරමු
ආදර සම්බන්ධතාවක් තිබිලා තියෙනවා. ඒත් රංගනයට එකතු වුණාට පස්සේ ඒ සම්බන්ධය බිඳිල ගියා. මට දැන් අවශ්‍ය මේ ක්‍ෂේත්‍රයේ දුර ගමනක් යන්න අනෙක් දේවල් ගැන ඊට පස්සේ හිතනවා.
අනුෂා අක්කගේ ‍පොලු පාරට මම බේරුණේ අනූ නවයෙන් අනුෂා අක්කගේ ‍පොලු පාරට මම බේරුණේ අනූ නවයෙන් Reviewed by Unknown on 10:44 PM Rating: 5
Powered by Blogger.