දිනක්ෂි චූටි කාලේ නැළවෙන්නේ ජෝතිගේ ගීතවලට විතරමලු
දිනක්ෂිගෙ ආදරණීය පියා මේ රටේ ප්‍රකට අධ්‍යක්ෂවරයෙක් බව ඔබ දන්නවානේ ඔහු තමයි දිනේෂ් ප්‍රියසාද්. දිනේෂ් හා ඔහුගේ ආදරණීය බිරිඳ ශිරානිගේ කුළුඳුල් දියණිය තමයි දිනක්ෂි.
දිනේෂ් හා ශිරානි යුවළගේ කැඳැල්ලට කුළුඳුල් දරුවා ඉපදෙන ලකුණු පහල වුණ මොහොතේ පටන් දිනේෂ් තමන්ගේ කුළුඳුල් දරුවාට නමකුත් හදාගෙන අලුත් අමුත්තා කැඳැල්ලට එනතුරු බලාගෙන ඉඳල තියෙනවා. දිනක්ෂි ප්‍රියසාද් කියන නම තමයි ඔහු හදාගෙන ඉඳල තියෙන්නේ.
ඊට හේතුව පසු කාලයේ තමන් එක්ක චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න පුත්‍ර රත්නයක් තමයි ඔහු බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ශිරානි නම් කැමතිවෙලා තියෙන්නේ දුවෙකුට. ඒ මොකද දන්නවද? දුවෙක් ලැබුණොත් හැඩට වැඩට අන්දවන්න පුළුවනිනේ.
ඒ හින්දයි ඇය දුවෙකුට කැමති වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් දින සති මාස ගෙවිලා ගිහින් වැල්ලවත්ත ශාන්ත මේරීස් සාත්තු නිවාසයේදී දිනේෂ් – ශිරානි යුවළගේ කුළුඳුල් දරුවා මෙලොව එළිය දුටුවාලු. ඉපැදුනු දරුවා දියණියක්. දිනක්ෂි පුතා වෙනුවට දියණියක් ලැබුණු හින්දා ලැබුණු දියණියට “බැමිනහැන්නදිගේ දිනක්ෂි ප්‍රියසාද්” කියලා තමයි නම යොදලා තියෙන්නේ. ඇය තමයි අද වන විට රටම හඳුනන යොවුන් නිළියක වූ දිනක්ෂි.
දිනක්ෂි බොහොම සිහින් හැඩකාර සිරුරක් තියෙන නිළියක් විදියට නේද ඔබ හඳුනන්නේ. ඒත් අද එහෙම වුණාට ඇය මොලොව එළිය දකින අවස්ථාවේදී නම් අලුත උපන් බිළිඳකුගේ සාමාන්‍ය බරට වඩා වැඩි බර ප්‍රමාණයකින් යුතු බොහොම මහත බබෙක්ලු. ඒ වගේම පුංචිම කාලෙදිත් දිනක්ෂි හරි ක්‍රියාශීලී දරුවෙක්ලු. හැබැයි ඇය දඟ ළමයෙක් නම් නෙමේලු. දිනක්ෂි තමාගේ අම්මට බොහොම කීකරු දැරියක්ලු.
කොහොම හරි ඉතින් වැල්ලවත්තේ සාත්තු නිවාසයේ ඉපැදිලා නිවසට කැඳවාගෙන පැමිණි පුංචි සිඟිත්ති ඊට පස්සේ නොනවත්වා අඬනවාලු. ඇගේ මවට මේ දියණිය නළවා ගන්න බැරිලු. ඔය වෙළාවේ දියණියගේ පියා ජෝතිපාලගේ කැසට් පටයක් කැසට් යන්ත්‍රයට දාලා ක්‍රියාත්මක කරල තියෙනවා.
ඒ ගීතය ඇහෙනවත් එක්කම දැරියගෙ ඇඬුම ඉබේම නතරවෙලා. ඊට පස්සේ ජෝතිපාලගේ ගීත කැසට්පට දාලා තමයි දිනක්ෂිගේ මව දිනක්ෂිව නලවලා තියෙන්නේ.
දිනක්ෂි අඬන ඕනෑම මොහොතක ජෝතිගේ ගීත කැසට් පටයක් දැම්මොත් දැරියගේ ඇඬුම නතර වෙනවාලු. ගීතය නිමාවුණ හැටියේම ඇය ආයෙම අඬන්න පටන් ගන්නවලු. ආයෙම තවත් ගීතයක් වාදනය වෙනකොට හඬමින් සිටි දැරිය නැවතත් නිසොල්මන් වෙනවාලු. කැසට් පටයේ ගීත දෙකක් අතරමැද නිහඬ විරාමය තුළ පවා අඬන්නේ මේ සිඟිත්ති මේ ගීතවලට දක්වන ප්‍රියතාවය හින්දමයි. දිනක්ෂි ඉපදෙන්න ඉන්න කාලේ ඇගේ මව නිතරම ජෝතිගේ ගීත සහ 70 දශකයේ මිහිරි ගීත අහපු හින්දා මේ සිඟිත්තියට මේ ළැඳියාව ඇතිවූ බවයි දිනක්ෂිගේ මව කියන්නේ.
ඇය පුංචි කාලේ බොහොම කීකරු දරුවෙක් වුණාට කෑම කවන්න ගියාම තමයි ටිකක් විතර අසීරුතාවලට මුහුණ දෙන්න මවට සිදුවෙලා තියෙන්නේ. කෑම කන්න දැඩි අකමැත්තක් දක්වන මේ පුංචි සිඟිත්ති බිම වර්ගවලට නම් බොහොම ප්‍රියතාවයක් දැක්වූවාලු.
ඒ හින්දා කෑම වර්ග බ්‍රෙන්ඩරයේ දමලා දියරයක් බවට පත් කරලා තමයි දිනක්ෂිට දීලා තියෙන්නේ.අම්මගෙයි තාත්තගෙයි ආදරය හා අවධානය උපරිමයෙන් විඳිමින් දිනක්ෂිගෙ ජීවිතය ගෙවිලා යද්දී ශ්‍රේෂාද්‍රි මේ පවුලට එකතු වුණා. ඒ වෙද්දී දිනක්ෂි අවුරුදු දෙකක විතර පුංචි දැරියක්. අලුත ඉපදුන නංගිට අම්මගෙයි තාත්තගෙයි ආදරය ලැබෙනකොට අවධානය අඩුවීම දිනක්ෂිට තදින්ම දැනිලා.
ඊට පස්සේ හොඳට හිතපු දිනක්ෂි එකපාරටම ගොත ගහන්න පටන් ගත්තලු. මේ හින්දා අම්මයි තාත්තයි ආයෙම අලුත උපන් බිළිඳියට වඩා වැඩි අවධානයක් දිනක්ෂිට යොදවලා තියෙනවා. එතකොට දිනක්ෂිගේ ගොත ගැසීමත් ඉබේම නැතිවෙලා ගිහින්.
බොහොම ළඟ වයස් පරතරයක් තියෙන හින්දා දිනක්ෂියි ශේෂාද්‍රියි හැදිලා තියෙන්නේ එකටමයි. ඒ විදියට හැදී වැඩුණු දෙදෙනාගෙන් දිනක්ෂිට පෙර පාසල් යාමේ දවස උදාවුණාලු. ඉතින් හා හා පුරා දිනක්ෂි පෙර පාසල් යන දවසේ ශේෂාද්‍රි බොහොම කලබලවෙලා ගෙදර බඩු මුට්ටු පවා ඒ මේ අත විසිකළාලු.

Reviewed by Unknown
on
10:51 PM
Rating:
Reviewed by Unknown
on
10:51 PM
Rating: