ග්‍රහලෝකාගාරය දවස් 11ක් වසයි

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ලබන 25 වැනිදා සිට දින 11ක කාලයක් වසා තැ‍බෙන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ ග්‍රහලෝකාගාරයේ සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.

ඒ අනුව ලබන 25 වැනිදා සිට සැප්තැම්බර් 4 වැනිදා දක්වා දින 11ක කාලයක් ග්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන තාවකාලිකව අත්හිටුවනු ඇත.

යළි නැරඹුම් දර්ශන සඳහා සැප්තැම්බර් 5වන දින ග්‍රහලෝකාගාරය විවෘත කරන බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
ග්‍රහලෝකාගාරය දවස් 11ක් වසයි ග්‍රහලෝකාගාරය දවස් 11ක් වසයි Reviewed by Unknown on 3:20 PM Rating: 5
Powered by Blogger.