මැතිවරණය නිරීක්ෂණය සඳහා දෙස් විදෙස් නිරීක්ෂකයින් 28,000ට අධික පිරිසක්

2015 පාර්ලිමේන්තු මැතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය නිරීක්ෂකයින් 162එක්ව සිටින බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

එම කාර්යාලය පැවසුවේ, යුරෝපා සංගමයෙන් නිරීක්ෂකයින් 80 දෙනෙකු, දකුණු ආසියාතික මැතිවරණ බලධාරින්ගේ සංගමයෙන් නිරීක්ෂකයින් 29 දෙනෙකු , ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංසදයෙන් නිරීක්ෂකයින් 3 දෙනෙකු සහ පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නිරීක්ෂකයින් 15 දෙනෙකු ඒ අතර වන බව ය.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, තම ආරාධනය පරිදි දිවයිනට පැමිණි විදේශීය නිරීක්ෂකයින් 14 දෙනෙකු අද දිනයේ සිය නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට නියමිත බව ය.

සිය ආරාධනය පරිදි රටවල් 8 කින් පැමිණි විදේශීය නිරීක්ෂකයින් 21 දෙනෙකු මේ වන විට සිය නිරීක්ෂණ කටයුතුවල නිරතව ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළේ ය.
මැතිවරණය නිරීක්ෂණය සඳහා දෙස් විදෙස් නිරීක්ෂකයින් 28,000ට අධික පිරිසක් මැතිවරණය නිරීක්ෂණය සඳහා දෙස් විදෙස් නිරීක්ෂකයින් 28,000ට අධික පිරිසක් Reviewed by Unknown on 8:50 AM Rating: 5
Powered by Blogger.