මහ මැතිවරණයට සියල්ල සුදානම්!
මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කිරීමේ කටයුතු අද පස්වරුවේ අවසන් කළ බවයි.
ඒ අනුව හෙට උදෑසන 7.00 සිට ඡන්දය සලකුණු කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.
මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයින් එක්කෝටි පනස් ලක්ෂ 44,490 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 12,314 ක් පිහිටුවා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
මෙවර ඡන්දය ගණන් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 1600කදී සිදුකිරීමට නියමිතය.
මන්ත්‍රීවරුන් 194 දෙනෙකු තෝරා ගැනීම සඳහා මෙවර මැතිවරණයට අපේක්ෂකයින් 6151 දෙනෙකු ඉදිරිපත් වී සිටින අතර කාන්තාවන් 556 දෙනෙකු ඒ අතර වන බව වාර්තාවෙයි.
මේ අතර මෙවර මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියේය.

Reviewed by Unknown
on
10:34 PM
Rating:
Reviewed by Unknown
on
10:34 PM
Rating: