ලංකාවට එන චීන්නුන්ට චීනයෙන් උපදෙස්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන ජාතිකයින්ට එරට රජය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

චීන ජාතිකයින් ශ්‍රී ලංකාවේ සංචාරක නීතිවලට  අනුකූලව කටයුතු කළ යුතු බව  ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිරිත් විරිත් සහ ආහාර රටාවන් පිළිබඳ මෙන්ම නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ දී අවබෝධයෙන් පසුවන ලෙස එම කාර්යාලය දැනුම් දී ඇත.


ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණෙන චීන ජාතිකයින් විවිධ කරදර සහ ප්‍රශ්නවලට මුහුණ දෙන බවට පසුගිය කාලය තුළ වාර්තා වී ඇති  බැවින් චීන තානාපති කාර්යාලය මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

සංඛ්‍යා ලේඛනවලට අනුව  මේ වසරේ ගත වු මාස 7 තුළ චීන ජාතික සංචාරකයින් මුහුණදුන් සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 46ක් චීන තානාපති කාර්යාලයට ලැබී තිබේ.

ඒ අතරින් දියේ ගිළීම් තුනක්  හේතුවෙන් සිදුවු මරණ  දෙකක් වාර්තා වු බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලංකාවට එන චීන්නුන්ට චීනයෙන් උපදෙස් ලංකාවට එන චීන්නුන්ට චීනයෙන් උපදෙස් Reviewed by Unknown on 10:14 PM Rating: 5
Powered by Blogger.