අතුරුදහන් වූ ගුවන් යානයේ කොටස් හමුවෙයි

ඉන්දුනීසියානු මගීන් 54 දෙනෙකු රැගත් පැපුවා කලාපයේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් එම කලාපයෙදී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

TGN267 ගුවන් යානය පැපුවා කලාපයේ කන්දක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදු ව තිබේ.

ඉන්දුනීසියාවේ සෙන්ටානි ගුවන් තොටුපොළේ සිට දකුණු දිග ඔක්සිබල් බලා පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානයේ පාලක මැදිරිය හා සබෙඳතාව බිද වැටුණේ ගුවන්ගත කොට විනාඩි 35 කට පසුව ය.

වැඩිහිටි මගීන් 44 දෙනෙක් ළමුන් 5 දෙනක් ළදරුවෙක් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙක් අතුරුදන් වූ යානයේ සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අතුරුදහන් වූ ගුවන් යානයේ කොටස් හමුවෙයි අතුරුදහන් වූ ගුවන් යානයේ කොටස් හමුවෙයි Reviewed by Unknown on 8:50 PM Rating: 5
Powered by Blogger.