දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5 ක් එකිනෙක ගැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී අද (20) දහවල් වාහන 5 ක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අධිවේගී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් හදිසියේ තිරිංග තද කිරීම නිසා පිටුපසින් පැමිණි කැබ් රථයක්, මෝටර් රථයක් සහ තවත් වෑන් රථ දෙකක් හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් එහි ගමන් ගත් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෙම වෑන් රථය හදිසියේ තිරිංග ක්‍රියාත්මක කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5 ක් එකිනෙක ගැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5 ක් එකිනෙක ගැටේ Reviewed by Unknown on 8:29 PM Rating: 5
Powered by Blogger.