අම්පිටියේ තරුණියකට මේකප් එක නිසා ජීවිතය අහිමි වේ
රූපලාවන්‍ය සත්කාර ලබා ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ මහනුවර - මැද්දෙපතන - අම්පිටිය ප‍්‍රදේශයේ තරුණියගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. අද (20) පෙරවරුවේ මහනුවර පොලිස් මෘත ශරීරාගාරයේදී අදාළ තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර රජයේ රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.ශිව සුබ‍්‍රමනියම්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුවා. අනතුරුවයි ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකළේ.
තම සේවා ආයතනයේ මිතුරියකගේ විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගි වීමට පෙර රූපලාවන්‍ය සත්කාරය ලබාගැනීම සඳහා ඇය ඊයේ පෙරවරුවේ මහනුවර - තැන්නේකුඹුර ප‍්‍රදේශයේ රූපලාවන්‍යාගාරයකට ගොස් තිබෙනවා. පසුව, ඇය රැකියාවේ නිරත මහනුවර පිහිිටි ඇඟලූම් කර්මාන්තශාලාවට පැමිණීමෙන් අනතුරුව රෝගී වී ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
අදාළ ඇඟලූම් ආයතනයේ මානව සම්පත් කළමනාකරු දුෂ්මන්ත ජයසිංහගෙන් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ජීවිතක්ෂයට පත් තරුණිය ඇඟලූම් ආයතනයට පැමිණ ක්ලාන්ත ගතියක් ඇතිවී රෝගී වීම හේතුවෙන් සිය ආයතනයේ ප‍්‍රථමාධාර ඒකකයට යොමුකළ බවයි.
පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමෙන් විවිධ ආසාත්මිකතාවයන් ඇතිවිය හැකි බව ශ‍්‍රී ලංකා චර්ම රෝගී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට ප‍්‍රකාශ කරනවා.
මීට පෙර ද මෙවැනි සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා. ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු මස නාවල පදිංචි පී.ඒ. පි‍්‍රයංගනී නමැති වෛද්‍යවරිය බම්බලපිටිය - විශාකා පාරෙහි පිහිටි පෞද්ගලික සායනයකින් රූපලාවන්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. එමෙන්ම, එම වසරේදීම පියයුරු සැත්කමක් ස`දහා මාලඹේ රූපලාවන්‍යාගාරයකදී ලබාගත් සත්කාරවලින් පසු තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Reviewed by Unknown
on
9:47 PM
Rating:
Reviewed by Unknown
on
9:47 PM
Rating: