මහින්ද විපක්ෂ නායක ලෙස පත් කිරීමට සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 65 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ලෙස පත් කළ යුතු බව පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 65 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයා වෙත භාරදීමට සූදානම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා  කියා සිටියේ එම අත්සන් ලේඛණය නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ පසු නව කථානායකවරයා වෙත ඉදිරිපත් කරන බවයි. එම අත්සන් ලේඛණයට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් 60 දෙනෙකු පමණ අත්සන් තබා ඇති බව ද ඔහු සඳහන් කළා.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහා ගිවිසුමකට එළඹුනත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඇතැම් පක්ෂ ඊට විරෝධය පළ කරනවා. නිදහස් සන්ධානය නියෝජනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර කියා සිටියේ තමන් ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවයි. ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන කි‍්‍රයාමාර්ග පිළිබඳ අප ඔහුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කළා.
මහින්ද විපක්ෂ නායක ලෙස පත් කිරීමට සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 65 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට මහින්ද විපක්ෂ නායක ලෙස පත් කිරීමට සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 65 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට Reviewed by Unknown on 1:30 PM Rating: 5
Powered by Blogger.