මෙවර මැතිවරණයෙන් පසු රාජ්‍ය සේවයට උපාධිධාරින් 7500ක්
මෙවර මහා මැතිවරණයෙන් පසු රාජ්‍ය සේවයේ පවත්නා පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරින් 7500 දෙනෙකු බඳවාගැනීමට රජය තීරණය කර ඇතැයි හිටපු මුදල් අමාත්‍යවරයා පවසයි.
උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ 2012 වසරේ මාර්තු අවසන් දක්වා කාලය තුළ උපාධිය ලබාගත් සියලු උපාධිධාරීන්ට මේ වන විට රාජ්‍ය අංශයේ රැකියා ලබා දී තිබේ. එහෙත් එම කාලවකවානුව වන විට තම පාලනයෙන් බැහැර හේතූන් මත ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට ද රැකියා අවස්ථා ලබාදෙන ලෙස නව රජයෙන් කරන ලද ඉල්ලීමට අනුව මෙම නව බඳවාගැනීම් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් තීරණය කර ඇත.
7500ක් පමණ වන මෙම උපාධිධාරීන් බඳවාගැනීම සඳහා පුරප්පාඩු හඳුනාගෙන ඇත. එහෙත් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් මෙම බඳවාගැනීම් මැතිවරණය අවසන් වූ වහාම සිදුකරනු ඇත. මෙසේ බඳවාගැනීමට නියමිත උපාධිධාරීන් පසුගිය රජයේ කාලයේ මෙන් නිකරුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත නොකොට හඳුනාගෙන ඇති රාජ්‍ය ආයතනවල පුරප්පාඩු තනතුරුවලට පත්කර රාජ්‍ය අංශය තවදුරටත් ශක්තිමත් කර එහි ඵලදායිතාව නංවාලීමට රජය ක්‍රියාකරන බවත් හිටපු මුදල් අමාත්‍යවරයා පැවසීය.
උපාධිධාරී අභ්‍යාසලාභීන් වසරක පුහුණුව සඳහා මුලින් බඳවාගනු ලැබීමෙන් පසුව සංවර්ධන නිලධාරීන් වශයෙන් ඔවුන්ට රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් ප්‍රදානය කරනු ලැබේ.

Reviewed by Unknown
on
6:41 PM
Rating:
Reviewed by Unknown
on
6:41 PM
Rating: